(අජිත්ලාල් ශාන්තඋදය)
අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ රාස්සගල විහාර පාර්ශවයේ අනුනායක ශාස්ත්‍රපති බළන්ගොඩ කුසලධම්ම නාහිමියෝ අපවත්වූහ.
බළන්ගොඩ හපුගහකුඹුර සිරි බෝධිමලු විහාරයේ සහ ගොඩකුඹුර ශ්‍රී බෝධිරුක්ඛාරාමය යන විහාරස්ථානයන්හි විහාරාධිපතීන් වහන්සේ ලෙස කටයුතු කළ උන්වහන්සේ අපවත්වන විට අසුවන වියේ පසුවූහ.
නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් ලෙස බණ්ඩාරවෙල, බළන්ගොඩ ආදී ප්‍රදේශවල දුෂ්කර පාසල් කිහිපයක උන්වහන්සේ සේවය කළහ.
උන්වහන්සේ බළන්ගොඩ ප්‍රදේශයේ බෞද්ධ පුනරුදයටත්, බෞද්ධ දරුවන්ගේ දහම් අධ්‍යාපන ප්‍රවර්ධනයටත් විශාල මෙහෙයක් සිදුකළ යතිවර නමක් බව හපුගහකුඹුර සිරි බෝධිමලු විහාරස්ථ දායක සභාවේ සභාපති මාධ්‍යවේදී සරත් වීරවංශ මහතා පැවසීය.
උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා බළන්ගොඩ හපුගහකුඹුර සිරි බෝධිමලු විහාරස්ථානයේ තැන්පත් කර ඇත.
අදාහන පූජෝත්සවය ඉරිදා (23) පස්වරු 02.00ට හපුගහකුඹුර පොදු ක්‍රීඩාංගණයේ දී සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 18
314
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
203
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අමරපුර නිකායේ රාස්සගල විහාර පාර්ශවයේ අනුනායක නාහිමියෝ අපවත්වෙති