(එම් .සුසිල් ප්‍රියන්ත හා එම් .හේමන්ත ද සිල්වා )
අම්බලන්ගොඩ සරසවි හන්දියේ අද (31 ) දහවල් තෙමහල් වීදුරු අලෙවිසළක හදිසි ගින්නක් හට ගත් බව අම්බලන්ගොඩ පොලිසිය පවසයි.
ගින්නෙන් ගොඩනැගිල්ලේ තෙවැනි මහළ මුළුමනින්ම විනාශ වී තිබේ.
ප්‍රදේශවාසීන් හා ගිනි නිවන භටයන් එක්ව පැය දෙකක් පුරා කළ මෙහෙයුමකින් පසු ගින්න නීවිමට කටයුතු යොදා ඇත.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd