
(නවරත්න සමරතුංග සහ ඩී.ඥාණසිරි හෙට්ටිආරච්චිගේ)
අම්පාර මූලස්ථාන පොලීසියේ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂකවරයා කැබ් රථයක ගැටී අද අනතුරකට ලක්ව ඇතැයි අම්පාර පොලීසිය පවසයි.
මෙම අනතුරින් ස්ථානාධිපති වරයාගේ කකුල කට හානි සිදුවී ඇති අති බව අම්පාර මහ රෝහලේ ප්රකාශකයෙක් කියයි.
නිලරාජකාරි සඳහා ස්ථානාධිපති වරයා සමග තවත් පොලිස් නිලධාරියකු පොලිස් ස්ථානයේ සිට අම්පාර නගරය දෙසට ගමන් කරමින් සිටියදී වාරමාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු සහකාරවරයකුට අයත් කැබ් රියකට අනතුරට පත්ව ඇති බව කියති.
එම යතුරු පැදියේ පසු අසුනේ ගමන්කළ නිධාරියාට අනතුරක් සිදුවී නැත.



COMMENTS
සිද්ධිය සම්බන්ධව නිරවුල් විස්තරයක් මෙහි සඳහන් වී නොමැති නිසා කිසිවක් කීමට නොහැකිය. පොලීසියේ නිසා වෙන්න ඇති. දුර්දාන්ත පාලකයින්ට කඩේ යමින් මහජන බදු මුදලින් පඩිගනිමින් මහජනයාටම බොරු දඩකොල ලියන පොලිසියේ අයට මෙසේ ස්වභාව ධර්මයෙන් දඬුවම් ලැබීම වැළකිය නොහැක.
පොලිස්කාරයෝ දෙන්නා වැරදි පැත්තෙන් ඇවිත් තියෙන්නේ. පොලිස් කාරයින් අනතුරකට ලක්වෙනවා නම් බොහෝවිට වරද පොලිස් කාරයින්ගේ. මිනුවන්ගොඩදී බස් 02ක හැප්පුවේ තනි ඉර කපාගෙන ගිහින්... බොරැල්ලේදී ඇමැති පුතෙක් ගිය වාහනයට යටවුණේ හන්දියේ බයිසිකලයේ නවත්වගෙන හිටිය හින්දා..
ශ්රී ලංකා පොලිසිය දුටු විට අපට ආරක්ෂාවක් දැනෙනවාද ??
වෙලාව සටහන්කර නැහැ.