අජිත්ලාල් ශාන්තඋදය
අම්පාරේ සිට කොළඹ බලා රාත‍්‍රී කාලයේ එමින් තිබූ පෞද්ගලික බස් රථයක පිටුපස ඩිකිය කොටසේ තිබී හමුවූ ඇමෝනියා කිලෝ 150 ක තොගය කාගේ උවමනාවක් මත ගෙනෙන ලද්දැක් ද යන්න පිළිබඳව සොයා ගැනීම සඳහා පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව රත්නපුර පොලීසිය පවසයි.
පසුගිය 9 වැනිදා රාත‍්‍රීයේ රත්නපුර නගරයේ වාහන සෝදිසි කිරිමක දී අම්පාරේ සිට කොළඹ බලා යමින් තිබූ පෞද්ගලික බස් රථයක් පරීක්‍ෂා කිරීමේ දී කිලෝ ග‍්‍රෑම් 150 ග‍්‍රෑම් 180 ක් බරැති කැට ලෙස තිබූ ඇමෝනියා පාර්සලයක් හමුවී තිබේ.
එහි අයිතිකරුවෙක් මගීන් අතර නොසිටි නිසාත් පාර්සලය බස් රථයේ පිටුපස ඩිකිය තුළින් හමුවූ නිසාත් එය දැමූ පුද්ගලයා පිළිබඳ නොදන්නා බව පැවසීමෙන් කොන්දොස්තරවරයා සහ රියදුරා පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත් රියදුරා සහ කොන්දොස්තරවරයා මෙම ඇමෝනියා තොගය බස් රථයේ ඩිකියට ඇතුළු කිරීම නොදන්නේ නම් බස් රථයේ අයිතිකරු විසින් එය කළේ ද යන්න සොයා බැලීම සඳහා අයිතිකරුගෙන් ප‍්‍රශ්න කිරිමට පොලීසියේ අවධානය යොමුව ඇති බව කීය.
අම්පාරේ සිට මේ ඇමෝනියා තොගය බස් රථයෙන් එව්වේ කාටද, කුමක් සඳහා ද යන්න ගැන හෙළි කරගැනීම තුළින් අපරාධ සැලසුමක් ඇද්දැයි අනාවරණය කරගැනීමට හැකිවනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි. රත්නපුර මූලස්ථාන පොලිස් පරීක්‍ෂක රොහන් ඕලූගල මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෝනියා ප්‍රවාහනය කල සියල්ල නිදහස්වී අල්ලපු පොලිස් නිලධාරීන් හිරේ නොගියොත් මට පිටිගල කියන්න එපා!