(ඩයනා උදයංගනී)
අමරපුර, ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ උත්තර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික, මහරගම, සිරි වජිරඥාන ධර්මායතනාධිපති අපවත් වී වදාළ අම්පිටියේ ශ්‍රී රාහුල හිමියන්ගේ ආදාහන පූජොත්සවය තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී අනිද්දා (20) සවස 3.00 ට සිදුකෙරේ.
උන්වහන්සේගේ දේහය මේ වන විට මහරගම සිරි වජිරඥාන ධර්මායතයේ තැන්පත් කර ඇති අතර එහි සිදුකෙරෙන පාංශුකූල කටයුතුවලින් පසු හෙට (19) සවස 1.00 ට හයිලෙවල් මාර්ගය ඔස්සේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතය.
ඉන්පසු උන්වහන්සේගේ දේහය මහජන ගෞරව සඳහා බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන අතර අනිද්දා (20) පස්වරු 1.00 ට එහිදී ද පාංශුකූල කටයුතු සිදුකෙරේ.
අනතුරුව දේහය පෙරහැරින් හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයට වැඩම කරවා සවස 3.00 ආදාහන කටයුතු සිදුකෙරේ.
වසර 106ක් ආයු වළඳා අපවත් වූ උන්වහන්සේ මෙරට ජීවතුන් අතර සිටි වයසින් වැඩිම භික්‍ෂූන් වහන්සේ බව ද වාර්තා වේ.
බම්බලපිටිය සිරි වජිරාරාමාධිපතිව වැඩ විසූ පැලෑනේ සිරි වජිරඥාන මහ නා හිමියන්ගේ ශිෂ්‍ය භික්‍ෂුවක් වූ අම්පිටියේ ශ්‍රී රාහුල හිමියෝ මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන්ගේ පැවිදි සහෝදරයා ද වූහ.
මහරගම, සිරි වජිරඥාන ධර්මායතනය භික්‍ෂු පුහුණු ආයතනයක් ලෙස බවට පත්කිරීමට මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන් හා එක්ව කටයුතු කළේ ද අම්පිටියේ ශ්‍රී රාහුල හිමියන්ය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1061
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්පිටියේ ශ්‍රී රාහුල හිමි ආදාහන පූජෝත්සවය අනිද්දා
Keppetipola Tuesday, 18 February 2020 12:38 PM
ඔබ වහන්සේට නිවන් සුව පතමි !