IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


අම්පිටියේ ශ්‍රී රාහුල හිමි ආදාහන පූජෝත්සවය අනිද්දා

(ඩයනා උදයංගනී)

අමරපුර, ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ උත්තර මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ සාමාජික, මහරගම, සිරි වජිරඥාන ධර්මායතනාධිපති අපවත් වී වදාළ අම්පිටියේ ශ්‍රී රාහුල හිමියන්ගේ ආදාහන පූජොත්සවය තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයේදී අනිද්දා (20) සවස 3.00 ට සිදුකෙරේ.

උන්වහන්සේගේ දේහය මේ වන විට මහරගම සිරි වජිරඥාන ධර්මායතයේ තැන්පත් කර ඇති අතර එහි සිදුකෙරෙන පාංශුකූල කටයුතුවලින් පසු හෙට (19) සවස 1.00 ට හයිලෙවල් මාර්ගය ඔස්සේ බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයට වැඩම කරවීමට නියමිතය.

ඉන්පසු උන්වහන්සේගේ දේහය මහජන ගෞරව සඳහා බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේ තැන්පත් කර තැබෙන අතර අනිද්දා (20) පස්වරු 1.00 ට එහිදී ද පාංශුකූල කටයුතු සිදුකෙරේ.

අනතුරුව දේහය පෙරහැරින් හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගණයට වැඩම කරවා සවස 3.00 ආදාහන කටයුතු සිදුකෙරේ.

වසර 106ක් ආයු වළඳා අපවත් වූ උන්වහන්සේ මෙරට ජීවතුන් අතර සිටි වයසින් වැඩිම භික්‍ෂූන් වහන්සේ බව ද වාර්තා වේ.

බම්බලපිටිය සිරි වජිරාරාමාධිපතිව වැඩ විසූ පැලෑනේ සිරි වජිරඥාන මහ නා හිමියන්ගේ ශිෂ්‍ය භික්‍ෂුවක් වූ අම්පිටියේ ශ්‍රී රාහුල හිමියෝ මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන්ගේ පැවිදි සහෝදරයා ද වූහ.

මහරගම, සිරි වජිරඥාන ධර්මායතනය භික්‍ෂු පුහුණු ආයතනයක් ලෙස බවට පත්කිරීමට  මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන් හා එක්ව කටයුතු කළේ ද අම්පිටියේ ශ්‍රී රාහුල හිමියන්ය.

 

 

 



අදහස් (1)

අම්පිටියේ ශ්‍රී රාහුල හිමි ආදාහන පූජෝත්සවය අනිද්දා

Keppetipola Tuesday, 18 February 2020 12:38 PM

ඔබ වහන්සේට නිවන් සුව පතමි !

:       0       30

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 115 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 197 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1060 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site