(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීගහවත්ත කඳුබොඩ ප්‍රදේශයේ නව හැවිරිදි දැරියකට සිහිසුන් වනතුරු වේවැලකින් පහර දී මරණයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අසල්වාසී කාන්තාවක් මීගහවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
අමනුස්ස දෝෂයකින් පෙළුණු බව කියන දැරියව ඇයගේ මව විසින් ප්‍රතිකාර සඳහා සැකකාර කාන්තාව වෙත රැගෙන ගොස් ඇති අතර ඇය තෙල් සාත්තුවක් කිරීමෙන් පසුව වේවැලකින් දැරියට සිහිසුන් වනතුරු පහරදී ඇති බව මූලික විමර්ශනයේ දී හෙළි වී තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අනතුරුව දැරිය බියගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.