IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


අමාත්‍ය සංශෝධන 10 වැනි දා:කෘෂි ඇමැතිත් වෙනස් වෙයි?

 

(සුජිත් හේවාජුලිගේ )

කැබිනට් මණ්ඩලයේ සංශෝධනය ලබන 10 වැනිදා සිදුකිරීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ගවලින් පැවසේ.

මෙම කැබිනට් මණ්ඩල සංශෝධනයේදී ප්‍රධාන ඇමතිධූර කිහිපයක් වෙනස් කෙරෙන අතර කෘෂිකර්ම අමාත්‍යධූරයද එසේ වෙනස් කෙරෙන අමාත්‍යධුර අතර වන බව  එම ආරංචි මාර්ග සඳහන් කරයි.

කෘෂිකර්ම අමාත්‍ය ධූරයට ඉඩම් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන එස්.එම් චන්ද්‍රසේන මහතා පත් කිරීමට නියමිතව ඇතැයිද  දැනගන්නට  ඇත.

ඔහු අනුරාධපුර දිස්ත්‍රික්කයේ  කාබනික  පොහොර ව්‍යාපෘති කිහිපයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කර ඇති අමාත්‍යවරයෙකි. ඔහුගේ එම ව්‍යාපෘති රජයේ විශේෂ ඇගයීමට ලක්ව ඇත.

නව වසරේ නව ගමනක් යෑමට රජය තීරණය කර ඇති අතර මෙම කැබිනට් මණ්ඩල සංශෝධනය සිදු කෙරෙන්නේ ඒ ගමනට උත්තේජනයක් වශයෙන් යැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩුවූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයට මන්ත්‍රීවරයකු පත්කිරීමද  මෙදින සිදු කෙරෙනු ඇත.

මේ අතර  වාර අවසාන කෙරුණු පාර්ලිමේන්තුවේ මීළඟ සැසිවාරය  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ප්‍රධානත්වයෙන්  ලබන 18 වැනිදා විවෘත කිරීමට නියමිතය .



අදහස් (21)

අමාත්‍ය සංශෝධන 10 වැනි දා:කෘෂි ඇමැතිත් වෙනස් වෙයි?

CHANDIMA Thursday, 06 January 2022 08:11 AM

ත්‍රී රෝද රථ කිහිපයකට දැන්මම කියලා තියන්නද?

:       0       2

Suni Thursday, 06 January 2022 09:22 AM

තමන්ට ඉහළින් ලැබෙන උපදෙස් වගවිභාගයකින් තොරව පිළිපදින එකේ ප්‍රතිවිපාක... මේ ඇමැති මාරුව හිසරදයට කොට්ටය මාරු කරනවා වගේ වැඩක්... රට තවත් අගාධයට යන එක වළක්වන්න බැහැ.

:       0       2

ravin Thursday, 06 January 2022 09:55 AM

මොනදේ කාට දුන්නත් පගා ගහන්නැති... කටින් බතල හිටවන්නේ නැති කෙනෙකුට දුන්නොත් වැඩක් වේවි...

:       0       1

JAYATH Thursday, 06 January 2022 10:07 AM

කෘෂිකර්ම ඇමති වෙනස් වෙනවා? ඊනියා මහාචාර්යවරු, මෝඩ දොස්තරලා, කෘෂිකර්මේ ගැන මෙලෝහසරක් දන්නේ නැති අය සහ හැකර දේශපාලන කටක් තියන මෙයා විරුවා පට්ටමට දිරච්ච ලණු දුන්න බුද්ධියක් නැති නිසා ඒවා ගිල්ලා.. දැන් කෙළවෙලා ගියාම බිල්ලට දෙන්නද හදන්නේ?

:       0       3

de silva Thursday, 06 January 2022 10:46 AM

සාගතයක් ඇතිවෙමින් පවතින තත්වයක රට අමාරුවේ වැටිලා තිබෙන මේ බාරධූර අවස්ථාවේ කෘෂි ඇමැතිකම නූගතෙකුට දුන්නාම ප්‍රශ්නය විසඳෙනවාද?

:       0       2

naleen Thursday, 06 January 2022 10:51 AM

පවතින සහ පැවැති හැම රජයක්ම තමන්ගේ අසාර්ථකත්වය වසාගැනීම සඳහා භාවිතා කරන ක්‍රමයකි. සිටිය මෝඩයා වෙනුවට නව මෝඩයෙක් පත් කිරීම...

:       0       2

Citizen Thursday, 06 January 2022 11:39 AM

ඔය ඇමැතිවරු කොච්චර දූෂිත වූවත් ඔවුන්ට කුමක් හෝ අත්දැකීමත් තියෙනවා රට පාලනය කිරීමෙන්... හැබැයි කිසිම අත්දැකීමක් නැත්තේ ජනාධිපතිට​... පළමුව ඔහුව අස් කරන්න ඕනේ...

:       0       2

Perera Thursday, 06 January 2022 11:45 AM

කුට්ටියාට කෘෂිකර්මෙ දෙන්න.. මිනිහා කුඹුරු හාන්න නියම සුදුස්සා විතරක් නෙවෙයි, කාබනික පෝර දාලා ‘‘බෝම්බ ගැහුවා වගේ‘‘ විශාල අස්වැන්නකුත් අරන් පෙන්නාවි..

:       0       3

fairoos Thursday, 06 January 2022 12:30 PM

සර් කුට්ටම අනලා අනලා බලනවා... ඒත් එන්නෙම බූරු කොළ විතරයි.

:       0       4

ලමය Thursday, 06 January 2022 02:57 PM

කාබනික පෝර කෙසේ වෙතත් මාවිල් ආරු ගොවින්ට දුන්න වන්දිවලින් ගානක් කැපුනා

:       0       1

sharm warn Thursday, 06 January 2022 04:29 PM

එක හොරෙක් වෙනුවට අලුත් හොරෙක් දාන්නයි යන්නේ... මතකද මන්දා..? කෝමාරිකා වවන්න ඩොලර් ලක්ෂ ගණනින් උපයන්න කියලා කැලේ අක්කර දහස් ගණනක් විනාශ කළා. එහෙව් කෙනෙක්ව කෘෂිකර්මෙට දාන්නයි යන්නේ. හරි අපූරුයි. කාබනික කිව්වාම සේරම හරි.. බයියනි. නුඹලාට සතුටුයිද දැන්..?

:       0       3

Nuwan Thursday, 06 January 2022 06:17 PM

බූරු කුට්ටම කොහොම ඇනුවත් එකයි..!!! 

:       0       2

Kumara Thursday, 06 January 2022 06:52 PM

නුඹලා තරම් පක්කලි මේ ආත්මෙදි නම් අපි දැකලා නෑ...

:       0       2

වර්ණකුලසූරිය Thursday, 06 January 2022 11:13 PM

කෘෂිකර්ම ඇමති ධුරයේ හිටියෙත් හොරෙක් එන්නෙත් හොරෙක් වශයෙන් ජනතාව සිතන්නට ඉඩ ඇත. වෙනසක් නැත. අලිබබා සහ හොරු හතළිහ වශයෙන් උදය ගම්මන්පිල මහතා මැතිවරණ වේදිකාවේ කළ හඳුන්වාදීම අපි අදටත් සුදුසු බව මතක් කරමු. හැබැයි එතුමාට අනුව තවම කිසිවෙක් හිරේ නොගිය අතර හිරේ යන්න හිටපු අයත් නිදොස්කොට නිදහස් වී ඇත.

:       0       2

kapila Friday, 07 January 2022 12:17 AM

මහින්දානන්ද ම හිටිය නම් හොඳයි හිටං චද්‍රසෙන ඊටත් අන්තයි.

:       0       1

Demuni Uduwara Friday, 07 January 2022 04:12 AM

මිනිසුන්ට කරදරයක් නැත!

:       0       1

C.K.Lankaputhra. Friday, 07 January 2022 05:58 AM

ඉසේ රදයට කොට්ට මාරුකිරීම අතීතයේ සිටම පැවත එන ප්‍රතිකාර ක්‍රමයක්

:       0       1

දිමුත් Friday, 07 January 2022 10:47 AM

කාඩ් කුට්ටම අනනවා වගේ තමයි...

:       0       1

Hashan Sachinthana Friday, 07 January 2022 02:16 PM

ඉතා හොඳ වැඩපිළිවෙලක්... ජය වේවා..!!!

:       1       0

Eranga perera Friday, 07 January 2022 02:28 PM

මරු . නියමයි

:       0       0

විපරමා Friday, 07 January 2022 07:24 PM

ඉන්න දූෂිත දේශපාලුවන් එහෙට මෙහෙට කෙරුවාට වැඩක් නැහැ. කිසිම දෙයක් හරියට කරගන්න බැරි නම්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1438 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1304 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 470 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site