IMG-LOGO

2025 ඔක්තෝබර් මස 21 වන අඟහරුවාදා


අමාත්‍ය නිමල් සිරිපාල ලංකා - පාකිස්ථාන මිත්‍රත්ව සංගමයේ නව සභාපති ධූරයට

(බන්ධුල ඉලෙපෙරුම)
 
ශ්‍රී ලංකා පාකිස්ථාන පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නව සභාපතිවරයා ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතා නිතරඟයෙන් පත්විය. 
 
එම සංගමයේ උප සභාපතිවරුන් ලෙස රවුෆ් හකීම්, අරවින්ද කුමාර් සහ මොහොමඩ් මුසම්මිල් යන මන්ත්‍රීවරුන් තේරී පත් වූ අතර ලේකම් ධුරයට පත්වූයේ රිෂාඩ් බදුර්දීන්ය.
 
මෙම පත් කිරීම් සිදු වුයේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් පාර්ලිමේන්තුවේදි පැවැති පාකිස්ථාන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ රැස්වීමේදීය . 
 
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා සහ ශ්‍රී ලංකාවේ පකිස්ථාන මහ කොමසාරිස්  ජෙනරාල් මොහොමඩ් සාද් කටාක් මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විශාල පිරිසක් සහභාගි වූහ. 
 
මෙහිදී අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය අගය කළ අතර මෙරට පාර්ලිමේන්තුවේත් , පාකිස්තාන පාර්ලිමේන්තුවේත් කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සාක්ෂරතාව වර්ධනය සඳහා අත්සන් කිරීමට නියමිත ද්විපාර්ශික ගිවිසුම සම්බන්ධයෙන්ද සඳහන් කළේය. 
 
මෙහිදී අදහස් දැක්වූ සභාපති ධුරයට පත් වූ නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙරට වසර 30 කට අධික කාලයක් තුළ පැවති යුද්ධය අවසන් කිරීමට පකිස්ථානය දුන් සහයෝගය ඇගයීමට ලක්කරමින් පාකිස්ථානය ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරෙක් බව සඳහන් කළේය . එමෙන්ම මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් වන යෝජනා පරාජය කිරීමට  පාකිස්ථානය දැක්වූ සහයෝගයටද හෙතෙම ස්තුති කළේය. 
 
එමෙන්ම, පකිස්ථානය හා ඉන්දියාව   අතර ඇති අර්බුද පැවති සමයේ පකිස්ථානය  ගුවන්යානා වලට මෙරටේදී ඉන්ධන ලබාගැනීමට ශ්‍රී ලංකාව ගනු ලැබූ පියවර සිහිපත් කළ ඒ මහතා 1996 වර්ෂයේ දී පාකිස්ථානයේ ලාහෝර් නුවර දී පැවැති ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමේ දී ශ්‍රී ලංකාවට පකිස්ථාන ක්‍රීඩාලෝලීන්ගෙන් ලැබුණු සහයෝගය සිහිපත් කළේය. 
 
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර පවතින ද්විපාර්ශවික සහයෝගීතාව ඉතා ශක්තිමත් බවත් අග්‍රාමාත්‍ය ඉම්රන් ඛාන්  මහතාගේ ශ්‍රී ලංකා සංචාරය එම සහයෝගීතාවය වඩාත් ප්‍රවර්ධනය කිරීමට හේතු වන බවත් පෙන්වා දුන්නේය. 

 



අදහස් (4)

අමාත්‍ය නිමල් සිරිපාල ලංකා - පාකිස්ථාන මිත්‍රත්ව සංගමයේ නව සභාපති ධූරයට

siri Wednesday, 24 February 2021 01:42 PM

හොඳ සභාපති කෙනෙක් තමයි තෝරාගෙන තියෙන්නේ.... කොට්ට මෙට්ටත් ලබලා දුන්නා නම් තමයි වැඩේ සම්පූර්ණ....

:       0       16

fairoos Wednesday, 24 February 2021 02:26 PM

උප සභාපති සහ ලේකම් කවුද කියලා බලන්නකෝ... සර් නියමයි.

:       1       9

දිමුත් Thursday, 25 February 2021 06:24 AM

මේවායින් ඇති වැඩේ මොකක්ද?

:       0       0

kamal Thursday, 25 February 2021 09:01 AM

හා හා ... බලේ තියෙන කාලෙට බඹරෙ වැල්ලේ ගැහුවත් කැරකෙනවනේ... !!! 

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1132 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1142 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 431 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site