(අජන්ත කුමාර අගලකඩ)
රජයේ නව කැබිනට් ප්‍රකාශකවරු ලෙස අමාත්‍ය ආචර්ය බන්දුල ගුණවර්ධන සහ අමාත්‍ය රමේෂ් පතිරණ යන මහත්වරු පත් කරනු ලැබ සිටිති.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් අද (27) දහවල් පැවති කැබිනට් රැස්වීමේ දී මෙම පත්වීම සිදුකරනු ලැබ ඇත.
ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන සහ රමේෂ් පතිරණ මහතා වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම යන අමාත්‍ය ධූර වලට පත්කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා නේද 2500... පවුලකට ජීවත් වෙන්න පුළුවන් කිවේ... නියමයි. සන්තෝසයි. ජයවේවා..!!!
මොන විකාරයක්ද? රු 2500 කින් මාසයක් කාලා ඉන්න පුළුවන් කියපු මනුස්සයෙක් කැබිනට් ප්‍රකාශක කරගෙන පුළුවන්ද?
අනේ අර පළපුරුදු රඹුක්වැල්ලට මොකද්ද වුණේ?
ඇමති, නියෝජ්‍ය ඇමති වගේ ඒකටත් දැන් දෙන්නෙක්... යුගල පද වගේ. පුදුම දේශපාලනයක්. හැබෑට කව්ද මේවා හඳුන්වලා දුන්නේ? නොදන්නා කමට මම අහන්නේ...
එජාපෙ ඡන්ද දායකයෝ තවම අවුලෙන් ඉන්නේ... එහෙම වෙන්න එපා. පරණ 2500 කතා වගේ මෝඩ කතාවලට වඩා වැඩි යම්කිසි ප්‍රායෝගිකව අර්ථවත් දෙයක් මෙතන අදහස් විදිහට දානවා නම් මේ පුවත් බලන අයටත් ඒවා හුඟක් ප්‍රයෝජනවත් වෙයි.
ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයේදී එක ඇමති කෙනෙක් " අඩම්තේට්ටම්" කියන වචනය "අණ්ඩතේට්ටම්" කියලා කිව්වේ නොදන්නකමට නොවෙයි නේද?