IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අභයපුර සහ සෝමපුර ගම්වල සිමා ඉවත්කරයි

(ක.ග.කරුණාරත්න )

කෙරෝනා වයිරසය අසාදිත රෝගියෙකු පොලොන්නරුව පුලස්තිගම ප්‍රදේශයෙන් හමුවූ  පසු සති දෙකකට ආසන්න කාලයක් හුදෙකලා කර තිබූ ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අභයපුර සහ සෝමපුර යන ග්‍රාම නිලධාරී වසම් දෙක අද (05) සිට එම හුදෙකලා තත්වයෙන් ඉවත් කලබව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පවසයි.

කොරෝනා වයිරසය ආසාදිත රෝගියා හමුවීමෙන් පසුව සෞඛ්‍ය අංශවල නිර්දේශය මත හුදෙකලා කර  තිබූ මුළු ග්‍රාම නිලධාරී වසම් ගණන 12කි. එයින් පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් 10 පසුගිය මස 26 වෙනි දින සිට හුදෙකලා තත්වයෙන් ඉවත් කල බවද ඒ මහතා කීය. එම ග්‍රාම නිලධාරී වසම්   මෙසේය.

පටුනුගම,සංඝබෝධිගම,පුලස්තිගම,කෑගලුගම,තඹාල,රිෆායිපුර,අල්හිලාල්පුර,වීරපුර, ලංකාපුර සහ බෞද්ධාර්ථගම
පොලොන්නරුව දිස්ත්‍රික්කයෙන් හමුවූ කොරෝනා වයිරසය ආසාදිත ප්‍රථම රෝගියා වන වැලිසර නාවික හමුදා කඳවුරේ සේවය කල ඒ නාවික සෙබළාගේ පවුලේ සාමාජිකයින් හෝ එම සෙබළා සමඟ සෘජු සම්බන්‍ධතා පැවැත්වූ කිසිවෙකුටත් කොරෝනා වයිරසය ආසාදිතවී නොමැති බව පරීක්‍ෂණ වලින් තහවුරුවී ඇතැයිද වෛද්‍ය ජයසිංහ මහතා සඳහන් කලේය.
 



අදහස් (0)

අභයපුර සහ සෝමපුර ගම්වල සිමා ඉවත්කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 328 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 205 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site