( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගය පැවැත්වීම තහනම් කරන රිට් ආඥාවක් නිකුත් කළ අභියාචනාධිකරණය එම නඩුව ඇසීමෙන් මහේස්ත්‍රාත්වරයා වළක්වන ප්‍රොහිබිෂන් ආඥාවක් අද (25) නිකුත් කළේය.
එසේම එම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස විනිසුරු ගිහාන් කුලතුංග මහතා නම් කිරීමට නීතිපති වරයා ගත් තීරණය බල රහිත කරන නියෝගයක් ද නිකුත් කරන ලදි.
නීතිපති උපදෙස් මත තමාට එරෙහිව පොලිසිය විසින් ගත් ක්‍රියාමාර්ගයක් මත නුගේගොඩ මහසේත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ රිට් පෙත්සම පිළිබඳ නියෝගය ලබා දෙමින් අභියාචනාධිකරණය මෙම රිට් ආඥා නිකුත් කළේය.
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම පෙත්සම කැඳවනු ලැබීය.
එහිදී පෙත්සමෙහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි පොලිස්පති වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අපෙත්සම්කරුට එරෙහි චෝදනා තහවුරු කිරීම ට තරම් ප්‍රමාණවත් සාක්ෂි විමර්ශන වලදී අනාවරණය වී නැතැයි අධිකරණය හමුවේ කියා සිටියේය.
COMMENTS
රටට අධිකරණ සහ නීතිපති දෙපාර්තුමෙන්තුවක් අවශ්‍යද?
ඇත්ත ජයගන්න එක වලක්වන්න දුෂිතයන්ට බැහැ .ඇත්තට දීර්ඝායු වගේම බොරුවට අකල් මරණය