( රොමේෂ් ධනුෂ්ක සිල්වා )
පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා සංස්කරණය කරන ලද 'අපේ සටන කාටුන් ඇසින්' කෘතිය අද (12) කොළඹ තුම්මුල්ලේ පිහිටි සම්බුද්ධත්ව ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේ දී එළිදැක්විණි.
මෙම කෘතියෙහි විශේෂත්වය වන්නේ වසර ගණනාවක සිට ගම්මන්පිල මහතාගේ දේශපාලන ක්‍රියාකාරකම් පිළිබඳ මෙරට ජාතික පුවත්පත්වල කාටූන් ශිල්පීන් විසින් අඳින ලද සියලුම කාටුන් එහි ඇතුළත් වීමයි.
කෘතියේ පළමු පිටපත ගම්මන්පිල මහතා විසින් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම අවස්ථාවට සහභාගි වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගැන්වූ අතර ඉන් අනතුරුව කෘතිය සඳහා දායක වූ සියලු කාටුන් ශිල්පීන් වෙත කෘතියේ පිටපත් අගමැතිවරයා අතින් ඔවුනට පිරිනමන ලදී.
මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ,මහාචාර්ය ජී.එල්.පීරිස් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් විශාල පිරිසක් සහභාගි වූහ.




COMMENTS
පොතට දාන්න හොදම නම 'අපේ සටන කාටුන් ඇසින්' වැඩිය "පිට කසා ගැනීම" කියලද හිතෙනවා.
බලය ගත්තම පොරොන්දු අමතක කරපු , තෙල් මිල බැස්සම ආර්ථිකයට වෙන වාසිය නොදන්නා අය
අය්යෝ මොනවද මේ විහිලු . දුර පලාත්වල කුඩා දරුවන්ට බොන්න පිරිසිදු ජලය , වැසිකිලි පහසුකම් නැති රටක මේ මිනිසුන් කාටද මේ විහිලු සපයන්නේ කොහොමටත් ගම්මන්පිල විහිලු චරිතයක් තමයි.
මේ වගේ කාටූන් එකක් නැහැ ලංකාවේ
කෝ අර මොකක්ද පොතක් ගැහැව්වා නේද මේ ලඟදි "මහින්ද හලමින් ගෝඨාභිශේකය" කියලා. ඒක මොකක්ද එතකොට?
දැන් ඉතින් අපිට පෙන්නන ඉතිරිවෙලා තියෙන්නේ කාර්ටුන් තමා නේ....
ඕකට හොදම නම "අපේ බොරුව කාටුන් ඇසින්"
ගම්මන්පිල වැනි විහිළු කාරයින් ගැලපෙන්නේ කාටූන්වලට විතරයි. මහින්දට කඩේ යන මොහුගෙන් රටට නම් සෙතක් නැත..
මේ කාටුන් ඇදපු කට්ටියට සුදු වැන් වල යන්න වෙයිද ? කොහොමත් සබැ ස්වරුපයට වැඩිය කාටුන් මුහුණ ලස්සනයි.
දෙවියන් මිනිසුන්ට දඩුවම් දෙන ක්‍රම තියනවලූ. ඒඩ්ස්, සාර්ස්, කොරෝනා වයිරස් වගේ ලෙඩ. සුනාමි, භූමිකම්පා, ගිනිකඳු පිපිරීම් වගේ ස්වාභාවික විපත්. ලෝකය ක්‍රම ක්‍රමයෙන් විනාශ කරන්න එවලා තියෙන්නෙ දේශපාලුවෝ සහ අපි විතරයි ඉන්න ඕන අනික් එවූන්ව විනාශ කරන්න කියන ආගම්. අපේ රට විනාශ කරන්නත් ඔහු එවලා තියෙන්නේ දේශපාලුවෝ. ඒ නිසා තමයි අපට දේශපාලුවන්ගෙන් ගැලවෙන්න බැරි. රට විනාශ කරන බව දැන දැනත් තමයි අපි ඒ අයට ඡන්දෙ දෙන්නෙ. හොඳ මිනිසුන් දේශපාලනයට නොපැමිණෙන්නේත්, ආවත් ඉන්න බැරි ඒකයි.
තමන් විහිළුකාරයෙක් බව තමන්ම පිළිගැනීම මෙවැනි කෘති සම්පාදනයෙන් පැහැදිලි වේ.
සාපෙළවත් නැති අගමැති, ජනපති අපේක්ෂකයින් ඉන්න රටක උසස්පෙළ වාණිජ අංශයෙන් දිවයිනේ පළමු වැනියා වූ එතුමා දේශපාලනයේ සිටීම ඉතා හොඳයි...
මේ අයට ඇත්තටම පිස්සු. එක්කෝ මේවා දකින අපිට පිස්සු. මෙච්චර ලෝකේ අවදානම් වෙලා තියෙද්දී මොවුන් ඔවුන්ගේ ප්‍රතිරුපේ උඩ දාගන්නවා. අනේ අම්මපා.