IMG-LOGO

2024 ජුලි මස 19 වන සිකුරාදා


'අපි ශ්‍රී ලංකා' සමුළුවට සහභාගි වූ සංවිධායකවරුන් වෙනුවට වෙනත් පිරිසක් පත්කිරීමට යයි

(අජන්ත කුමාර අගලකඩ)

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ අද (05) පැවැති 'අපි ශ්‍රී ලංකා' සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන් සංවිධායකවරුන් වෙනුවට ආසනවලට වැඩ බලන සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රීලනිපය මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ශ්‍රීලනිප වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මූලස්ථානයේ අද රාත්‍රී පැවැති මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

මෙම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද සහභාගි වී සිටියේය.

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පක්ෂයේ අනුශාසක ධූරයෙන් ඉවත් කරන බව සහ එතුමියගේ සාමාජිකත්වය අත්හිටුවන බවට ආරංචි පැතිර ගියද අද රාත්‍රී පැවති මධ්‍යම කාරක සභා රැස්වීමේදී ඒ සම්බන්ධයෙන් කිසිඳු තීන්දුවක් ගෙන නොමැත.

ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයදීමට ශ්‍රීලනිපය ගත් තීන්දුව විවේචනය කරමින් හිටපු ජනාධිපතිනිය විසින් ජනාධිපතිවරයාට එවන ලද ලිපිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කර තිබූ අතර එම ලිපිය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී නොමැත.

එම ලිපිය මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කරන ලද බව එතුමියට ලිපියක් මගින් දැනුම්දීමට එහිදී තීරණය වී තිබේ.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම සඳහා ගෙනයන මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡා වී ඇති අතර පක්ෂයේ උපරිම ශක්තිය යොදවා රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීමට ද මෙම කාරක සභාව තීරණය කර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ එක්ව පවත්වන රැස්වීම් මාලාවට අමතරව ශ්‍රීලනිපය වෙනමම රැස්වීම් මාලාවක් පැවැත්වීමට ද මධ්‍යම කරක සභාව තීරණය කර ඇත.



අදහස් (22)

'අපි ශ්‍රී ලංකා' සමුළුවට සහභාගි වූ සංවිධායකවරුන් වෙනුවට වෙනත් පිරිසක් පත්කිරීමට යයි

Haramanis Tuesday, 05 November 2019 09:13 PM

සිරිසේන ඉන්න පැත්තකට මමනම් ඡන්දේ දෙන්නේ නැත.

:       101       608

ජෝන්සිල්වා Wednesday, 06 November 2019 12:56 AM

පොහොට්ටු පක්ෂයේ තිබෙන පවුල්වාදය ශ්‍රීලංකා නිදහස් පක්ෂයටත් බෝවීගෙන එනවාද කියලා හිතෙනවා. මෙතෙක්කල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක්සේ සැලකිය හැකිව තිබුන පක්ෂය පක්ෂයේ අනුශාසිකාවටවත් නොදන්වාගත් තීරණයක් නිසා මෙය ඇතිවූබව සිතාගත හැකිය.

:       46       152

RamaniWednesday, 06 November 2019 05:39 AM

ශ්‍රී ලංකා එකට පවුල්වාදය ඇතුල් කරේ බණ්ඩාරනායක පවුල බව අමතකද.?

:       107       247

නිමල් Wednesday, 06 November 2019 01:17 AM

අම්ම තාත්ත හදපු පක්ෂයේ අනුශාශිකව අයින්කරන්න රෝහණ ලක්ෂ්මන්ලා දයාසිරිලා කවුද? මේ රටේ ශ්‍රී ල නිපයට ආදරේ ජනතාවක් ඉන්නවා. ඒ අය තමන්ගෙ පක්ෂෙ කිසිම හේතුවක් නැතුව කඩා දාල වෙන පක්ෂ හදපු එකට විරුද්ධයි.

:       286       600

sisiraWednesday, 06 November 2019 08:15 AM

මේයා විජය කුමාරතුංග එක්ක මහජන පක්ෂය හදාගෙන කැඩිලා යනකොට ඔබ කොහෙද හිටියේ ?

:       46       20

ramaWednesday, 06 November 2019 09:50 AM

S.L.F.P එක මුලින් කැඩුවේ අනුර, ඊට පස්සේ චන්ද්‍රිකා, ඊළඟට මෛත්‍රී, අන්තිමට මහින්ද.... වෙන එකක් හැදුවේ මේ අයට මුල අමතක වෙලා..

:       6       56

සේපාල Wednesday, 06 November 2019 01:20 AM

ගෝඨාභය කොහොමත් දැන්නම් පරාදයි අනිවාර්යෙන්ම, ජනපති මැදුරෙන් හම්බන්තොට ගිරුවා පත්තුවට ගිය සජිත් ප්‍රේමදාස හම්බන්තොට ඉඳලා ඇමෙරිකාවේ පදිංචි වෙච්ච අයට වඩා ජන දුක හඳුනනවා, ඔහුට මඩ ගහන්නෙ දේශපාලන හේතුවකට විනා වෙන දෙයකට නොවෙයි.

:       345       1298

Suranimala Wednesday, 06 November 2019 01:28 AM

චන්ද්‍රිකා සහ වෙල්ගම දෙදෙනා ඊයේ ශ්‍රී ල නි පක්ෂයට අත්කළ ඉරණම මොනවට පැහැදිලි කලාද? මේක හරියට මව මරා දරුවට ජිවිතේ දුන්න වගේ වැඩක්. ශ්‍රී ල නි පාක්ෂිකයෝ වන අපි... ඉදිරි ඡන්දයේදී හොදින් බුද්දීමත්ව හිතා ඡන්දය දැමිය යුතුයි.

:       2368       1666

කපිලWednesday, 06 November 2019 04:15 AM

පොහොට්ටු හදන කොට ඔය කියන අම්මා මරා ගන්නවා කියන වේදනාව දැනුනෙ නැද්ද මහත්තයෝ...

:       347       281

Chanakya Wednesday, 06 November 2019 01:53 AM

ජනතාව සමග යුඑන්පී විරෝදී ගමනක් යාමට 2015 දී ශ්‍රී ලං නි ප ට නොහැකි නිසා හොඳම පිරිස පොහොට්ටුවට ගීයා. ඔවුන්ද ශ්‍රී ලං නි ප අයයි. ඒ නිසා පොහොට්ටුව පාවාදීමක් කරන්නේ නැත. බියනොවී සමගිව ඉදිරියට යන්න. නැතොත් ඔබටත් මටත් රටක් නැත.

:       856       266

C.K.Lankaputhra. Wednesday, 06 November 2019 02:53 AM

හූ හඬත් සැපයි නේද?

:       22       267

ලුම්බිණි Wednesday, 06 November 2019 03:03 AM

පක්ෂ සාමාජිකත්වයෙන් මුලින්ම අයින් කල යුත්තා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නේද?

:       0       633

වසන්ත Wednesday, 06 November 2019 03:19 AM

අනේ ඔබලාට තේරුම් ගන්න බැරි ඇයි.? අද හූ කියන අය මහමැතිවරණයේ දී සියළු ශ්‍රි.ල.නි.ප. අපේක්ෂයන්ට හූ නොකියාවි කියලද ඔබ හිතන්නේ. එයාලට මනාප නොදෙන්න සැළසුම් කරයි. මනාප තරගයෙන් සියළු පොහොට්ටු සාමාජිකයින් දිනුවාම ශ්‍රී.ල.නි.ප. ඉවරයි. චන්ද්‍රිකා මැතිණිය ඒක තේරුම් අරන් ඉන්නේ. අද පොහොට්ටුවට කඩේ යන අය ජාතික ලැයිස්තුවෙන් යයි. අනෙක් අපේක්ෂකයන් හා පාක්ෂිකයින් අනාථයි. දයාසිරි මහත්තයෝ ඒක තේරුම් ගන්න.

:       31       509

mp Wednesday, 06 November 2019 03:36 AM

හූ හඩ වාතයකටවත් මායිම් කරන්නේ නැත.

:       259       11

ananda Wednesday, 06 November 2019 03:48 AM

පොහොට්ටු අයයි ශ්‍රී ලංකා අයයි කියන්නෙ කව්ද ශ්‍රීලංකා අය හැටියට ඉන්නෙ මෛත්‍රීත් එක්ක එකතුවෙලා පක්ෂෙ පාවලදීලා එ ජා පෙත් එක්ක මගුල් කාපු අය පොහොට්ටු කියන්නෙ එ ජා පෙ ට විරුද්ධව කෙලින් හිටපු ශ්‍රී ලංකා කාරයො හදා ගත්ත පක්ෂය එතන තමයි ශ්‍රීලංකා කාරයො ඉන්නෙ එන මැතිවරනයෙන් ජනතාව තීන්දු කරයි ඒක චන්ද්‍රිකා, විතරක් නෙමෙයි අනුරත් අම්මට විරුද්ධව යූ එන් පී එකට ගියා අපි එදත් හිටියා චන්ද්‍රිකා විජයත් එක්ක ගිහින් මහජන පක්ෂය හැදුවා එහෙමයි එයාල පක්ෂෙ රැක්කෙ අපිනම් පක්ෂෙ පාවල දුන්නු එකෙකුටවත් ඡන්දෙ දෙන්නෙ නැහැ.

:       295       324

සුරම්‍ය Wednesday, 06 November 2019 04:17 AM

ගොටාභය නියත වශයෙන්ම පරදිනවා, මේ රටේ බහුතර ජනතාව තේරුම් ගත යුත්තේ පවුල් පාලනයෙන් මේ රටට වෙන සෙතක් නැත කියල.

:       115       678

jayampathi Wednesday, 06 November 2019 04:36 AM

එතකොට පක්ෂය හැරලා පොහෝට්ටුවට ගිහින් එකෙ සාමාජිකත්වයයි නායක කමයි ගත්තම විනය පරික්ෂන හො තහනම් නැද්ද? අනික වෙල්ගම ඇතුලු කට්ටිය උත්සහ කරන්නෙ පක්ෂය රකින්න මිස එය දියකර හරින්න නොවෙයි නේද?

:       34       164

denin Wednesday, 06 November 2019 05:20 AM

අපි කෙලෙහිගුණ අමතකකලයුතු නැහැ.1994දි චන්දිකා මහත්මිය පැමිණ පක්ෂයට නායකත්වය නොදෙන්න තවමත් එකදිගටම විපක්ෂයේ. 1977 සිට 1994 දක්වා කොයි තරම් දේවල් කලාද උද්ඝෝසණ ,පා ගමන් සබ්ද පුජා. 1989 මැතිවරණයේදී කිසිම අපේක්ෂකයෙකුට බැරිවුණා තම ඡන්ද කොට්ටාසය දිනාගන්න, මනාප ක්‍රමයට පින්සිද්ද වෙන්න පාර්ලිමේන්තු ආව මිසක්

:       51       151

Warnakulasuriya Wednesday, 06 November 2019 05:22 AM

දුප්පතාගේ පක්ෂයක් වශයෙන් ශක්තිමත්ව පැවති ශ්‍රීලංකා නි. පක්ෂය මෑත යුගයේ හොරැ කල්ලි විසින් එහි බලය පැහැර ගන්නා ලදි. අවසාන වශයෙන් එය ධනපති පක්ෂයක මුක්කුවක් වී අවසන් වෙනු පෙනෙන්නට ඇත. මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා තිදෙනාම මේ තත්ත්වයට වගකිව යුතුය. ප්‍රතිපත්ති ගරැකව සඟ, වෙද, ගුරැ බලවේගයක් වශයෙන් පැවති ජනතාව ආදරය කළ දේශපාලන ෂක්ෂයක් අවස්ථාවාදි නායකයන් නිසා. විනාශ වීම ගැන එයට ආදරය කළ ජනතාව කණගාටු වෙති. අද වෙන කොට කුමාර වෙල්ගම මහතාට පැරණි ශ්‍රීලංකා නි. පාක්ෂය නැවත ගොඩ ගැනීමේ හැකියාවක් පවති.

:       20       179

mangala Wednesday, 06 November 2019 05:55 AM

මෙතන අදහස් දල තියන සමහර අයගේ වහල් බව පැහැදිලියි. අපිට නම් චන්ද්රිකවත්, වෙල්ගමවත්, පක්ෂයක්වත් වැඩක්ම නැත, අවශ්‍ය වන්නේ කවුරුහරි පැමිණ රට ගොඩ ගැනීමයි. අවුරුදු 70 මේ පක්ෂ මෙය කලාද. අපි පොඩි කාලේ බලාගෙන හිටිය යුද්දය අවසාන වී හමාරයි. පවුල්වාදය කියා අපි හංසයාට 2015 දුන්න නේද. වැඩක් වුනාද අවුරුදු 4 හමාරක් රට කරවූ ඔවුන් රට ආපස්සට ගත්ත නෙවෙයිද? පක්ෂ අදාලම නැත මෙතන අදහස් දාල තියන සමහරු එක එක අයගේ හෙන්චයියල නේද?

:       455       204

Harith Gunasekara Wednesday, 06 November 2019 09:47 AM

තාත්තා ගිය පාරේ දුවත් යනවා. මේ ඔක්කොම එකයි. අපේ මෝඩයින්ට පුන්නක්කු දෙන්න ඕනේ...

:       14       6

Sri biris. Wednesday, 06 November 2019 11:00 AM

දිට්ඨධම්මවේදනීය කර්මය කියන්නේ මේකට... එක්සත් ජාතික පක්ෂයට කරන්න ගියදේ... ඒ ගොල්ලන්ටම ඵලදීලා නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා
2024 ජුලි මස 19 12 0

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.


බසයක් පෙරළී 52ක් රෝහලේ
2024 ජුලි මස 19 150 0

යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන ප


බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්
2024 ජුලි මස 19 376 0

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.


විසි දෙක ගැසට්ටුව පිටවේ
2024 ජුලි මස 19 1007 0

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ ඊයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්
2024 ජුලි මස 19 856 0

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.


අල්ලස් ගත්තැයි කියූ අයි.පීට - පී.සීට ඇප
2024 ජුලි මස 19 317 0

රුපියල් 154,200ක මුදලක් අල්ලසක් පොලිසිය තුළදීම ලබාගත්තේ යැයි කියන කොළඹ අපරාධ කොට්ඨාසයේ අපරාධ වාර්තා ඒකක අංක 07 ස්ථානාධිපති, පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාප


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 145 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1024 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1897 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site