(නිමල කොඩිතුවක්කු)
‘‘අපි වීරයන් නෙමෙයි රට වෙනුවෙන් අපි අපේ රාජකාරිය ඉටුකළා’’ යැයි මාරාන්තික කොරොනා වෛරසය හේතුවෙන් සිර වී සිටි ශ්‍රී ලාංකිකයන් 33 දෙනා මුදා ගැනීමට චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා පැවැසීය.
තමන් ඇතුළු එම මෙහෙයුමට සහභාගී වූ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සියලුම කාර්ය මණ්ඩලය ස්වේච්ඡාවෙන්ම රට වෙනුවෙන් එම අවදානමට මුහුණ දුන් බවද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.
කොළඹ හිල්ටන් හෝටලයේදී අද (03) පැවති මෙම මාධ්‍ය හමුව සඳහා චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සියලුම ගුවන් කාර්ය මණ්ඩලය එක්ව සිටීම විශේෂත්වයකි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා මහතා සිය අත්දැකිම් සම්බන්ධයෙන් මෙසේද පැවැසීය.
‘‘මේ ගැන අපිට ආරංචි වුණාම මේ මෙහෙයුම බාර ගන්න මම එකඟ වුණා. අපි ඉස්සෙල්ලම බැලුවා මේ මෙහෙයුමට යන්නේ කවුද කියලා. මම ඉස්සෙල්ලා ඉදිරිපත් වෙලා මේ මෙහෙයුමට ස්වේච්ඡාවෙන්ම යන පිරිස කවුද කියලා බැලුවා. එතකොට මේ ඔක්කොම ස්වේච්ඡාවෙන්ම මේ මෙහෙයුමට කැමති වුණා.
මේ මෙහෙයුම ගැන දැන ගත්තු ගමන් මම ගෙදරට කිව්වා. වයිෆ් ඇහුවා ඇයි යන්නේ කියලා. මම කිව්වා අපේ ළමයින් දෙන්න එතන හිටියොත් මොකක්ද කරන්නේ කියලා. එතකොට වයිෆ් කිව්වා එහෙනම් ප්‍රශ්නයක් නැහැ යන්න කියලා.
මොනවද කරන්න ඕන කියලා ඉන් පසු අපිට ගුවන් හමුදාවෙන් දැනුවත් කිරීමක් කළා. අදින්න ඕන ආරක්ෂිත ඇදුම, කොහොමද ක්‍රියා කරන්නේ කියලා ඔවුන් අපිව දැනුවත් කළා.
මේ ගමනාන්තයට අපි කවදාවත් ගිහින් නැහැ. ඒ නිසා ඉන්ධන, ආහාර කියන මේ හැම දෙයක්ම ගැනම අපි සැලසුම් කළා. අපිට විශාල පිරිසක් මේ ගමනට සහය ලබාදුන්නා. අපි කාර්ය මන්ඩලයේ සියලු දෙනා මේ මෙහෙයුමට අවසර ලැබෙන තෙක් වැඩි කාලයක් ගුවන් තොටුපළේ සූදානමින් සිටියා. අවසර ලැබුණ ගමන්ම අපි මේ මෙහෙයුම ආරම්භ කළා.
වුහාන් වලට යද්දී ඇත්තටම කවුරුත් හිටියේ නැහැ. අපි යද්දි එයා ඉන්දියා සහ දකුණු කොරියන් ගුවන් යානා දෙකක් රඳවා තිබුණා. සාමාන්‍ය ගුවන් ගමනකදී වගේ සන්නිවේදන කටයුතු පහසුකම් ආදී ඒ මොනවත් තිබුණේ නැහැ.
අපි මේ විශේෂිත ඇඳුම ඇදගෙන තමයි මේ මෙහෙයුම සිදුකළේ. අපි පැය 12 ක පමණ කාලයක් මේ ඇඳුම ඇදගෙන හිටියා. ගුවන් හමුදාව ලබාදුන් ආරක්ෂිත උපදෙස් අපි එහිදී අනුගමනය කළා’’ යැයිද ඔහු එහිදී පැවැසීය.
මෙම අවස්තාව සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවා විධායක කපිතාන් රජින්ඩ් රණතුංග, කපිතාන් අනුෂ්ක ජීවන්දර, ඇතුලු ගුවන් මෙහෙයුමට එක්වූ සියලූම කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.
එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න වලට පිළිතුරු දුන් චීනයේ වුහාන් බලා ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයේ කාර්ය මණ්ඩලය.
ප‍්‍රශ්නය : මෙහෙයුමෙන් පස්සේ ළමුන් පාසල් වලට ඇතුළත් කිරීමේදී ගැටලුවක් තිබුණා. මේ වනවිට එය විසදිලාද?
පිලිතුර : (ප‍්‍රධාන ගුවන් නියමු චමින්ද ද සොයිසා) මම හිතන්නේ එහෙම කතාවක් තිබුණා. නමුත් දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. පාසල්වටත් බියක් ඇති වෙන්න ඇති අපි ඒ වයිරස් එක අරන් ඇවිත් ළමයින්ටත් ආසාදනය වෙයි කියලා. පාසල් පැත්තෙන් හිතුවොත් ඒකෙත් පොඩි සාධාරණයක් තියෙනවා.
ප‍්‍රශ්නය : මෙහෙයුමමේදී චීනයේදී කොයි වගේ තත්වයක් ද ලැබුණේ ?
පිලිතුර : (ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවා විධායක කපිතාන් රජින්ඩ් රණතුංග මහතා) මේ මගීන් 33 බෝඩ් කරන්න අපිට පැය 4 ක් ගතවුණා. එච්චර සෝදිසියකින් තමයි මේ කටයුතු සිදුවුණේ.
ප‍්‍රශ්නය : ඒ මෙහෙයුමේදී ඒ ළමයින් මොන වගේ හැඟීමක්ද ප‍්‍රකාශ කළේ.
පිළිතුර : ජෙනලි ජෑන්ස් (ගුවන් කාර්ය මණ්ඩල සුපරීක්ෂක) ඇත්තටම කියනවනම් ඒ අය මාර සතුටකින් ආවේ. අපිව දැක්ක ගමන් ඒ අයගේ ඇස්වල කදුලු පිරුණා. ආපු ගමන් අපි ඒ අයට මාස්ක් එකක් දාලා ඒ නිරෝදායන කටයුතු සිදුකළා.
බහිනකොටත් මේ අය අපිට අත්පොලසන් දීලා ස්තූති කරලා පින් දීලා තමයි බැස්සේ. පොඩි ළමයින් පවා හිටියේ හරිම සතුටින්.
(ඡායාරූප : ශාන්ත රත්නායක)




2025 දෙසැම්බර් මස 04
171
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
369
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
379
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘‘අපි වීරයන් නෙමෙයි - රට වෙනුවෙන් අපේ රාජකාරිය ඉටුකළා’’
අහස සහ පොලව Monday, 03 February 2020 01:43 PM
අපෙනුත් අත්පොළසන්...!
siri Monday, 03 February 2020 02:10 PM
චීනයේ සිටි අනෙකුත් රටවල ජනතාව ආපසු ගෙන්වා ගැනීමට වෙනත් හැම රටකම ගුවන්යානා චීනයට යවන ලද බවයි දැනගන්නට ලැබෙන්නේ. නමුත් ඒ කිසිම රටක ගුවන් යානා ගෙනගිය කණ්ඩායම් මේවගේ පුවත්පත් සාකච්ඡා, පිළිගැනීමේ උත්සව සහ විශේෂ ආරාධනා සඳහා යොමුකළ බවක් දැක්කේ නැහැ. මේ හදන්නේ අර ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිදුවුණා කියන මුල්‍ය අක්‍රමිකතා පිළිබඳ පැතිරෙන ආරංචි යටපත් කරන්න ගන්න උත්සාහයක් බවයි අපට නම් පෙනෙන්නේ...
chandimaMonday, 03 February 2020 03:09 PM
කවුද නැහැ කියන්නේ? අපි ඉන්න රටවල් වල නම් ඒ ගිය නියමුවන් එක්කලා මාධ්‍ය සාකච්ඡා තියලා එහේ තොරතුරු ඇහැව්වා. කොහෙද ඉතින් ඔහෙලා කන්දෙන්නේ වැඩක් නැති ඕපාදුපවලට විතරයිනේ?
siriMonday, 03 February 2020 06:24 PM
චන්දිම ඉන්නේ මොන රටේද කියලා නම් දන්නේ නැහැ. නමුත් අපි දැකපු ප්‍රවෘත්ති වාර්තා වලනම් මේවගේ මානුෂික මෙහෙයුම්වලට සහභාගී වුණු ගුවන් නියමුවන් හෝ අනිකුත් සේවකයින් වෙනුවෙන් උපහාර උත්සව සංවිධානය කළබවක් නම් වාර්තා වුනේ නැහැ. ඒ සියලුම දෙනාම වාගේ කටයුතු කලේ "එයත් ඔවුන්ගේ රැකියාවේ කොටසක් හැටියට" කියලයි පෙනුනේ. මාධ්‍යකරුවන් ඔවුන්ගෙන් ප්‍රශ්න කළානම් එහෙම කලේ චීනයේ ඇති නියම තත්වය ගැන ප්‍රේක්ෂකයින් හෝ පුවත්පත් කියවන්නන් දැනුවත් කිරීමේ අදහසින් මිස මේ කට්ටිය අතිවිශේෂ කණ්ඩායමක් ලෙසට හුවා දැක්වීමට නම් නොවේ. ලංකාවේ හැර වෙන මොනම රටකවත් ඒ ගුවන් නියමුවන් හෝ කණ්ඩායම් ජනාධිපති මන්දිරවලට හෝ රජමාලිගාවලට ගෙන්වාගෙන මාධ්‍ය සංදර්ශන තියනවා නම් අපි දැක්කේ නැහැ. අපේ රටේ වැඩ කෙරෙන්නේ මොන ආකාරයටද කියලා මෙයින් හොඳින්ම පෙනී යනවා මහත්තයෝ. මේක අර දැන් මතුවෙලා තියෙන ශ්‍රී ලංකන් හුටපටේ වසන් කරන්න කවුරුන් හරි කරන උප්පර වැට්ටියක්. "යුද්ධය විකුණගෙන කාපු එකේ මේක මොන කජ්ජක්ද?" කියලත් සමහරු හිතනවා ඇති...
rohan Monday, 03 February 2020 03:37 PM
එකම කමෙන්ට් එක නම් දෙකකින්..., හැබැයි අනික් රටවල මිනිස්සු ෆ්ල්යින්ග් ටීම් එක කොන්වෙන වැඩ කළෙත් නැහැ... කුහකයින් තමයි...!!
සෙබස්තියන් Monday, 03 February 2020 04:03 PM
ඔබේ කතාවේ ගතයුත්තකුත් තියෙනවා. රට වෙනුවෙන් මීට වඩා දිවිහිමියෙන් වැඩකරපු අයත් නැතුවා නොවෙයි.
Dil PereraMonday, 03 February 2020 05:44 PM
පරිගණකයක් තිබිච්ච පලියට මෙහෙම ලියන්න එපා. මොවුන් කීවේ තමන් විරෝදාර විරුවන් නොව, රට වෙනුවෙන් මානුෂික ක්‍රියාවක යෙදුනු බවයි.
chandimaMonday, 03 February 2020 06:39 PM
රටවෙනුවෙන් දිවිහිමියෙන් වැඩකළ කට්ටිය ඉන්නවා තමයි ඇති තරම්. ඒ අයවනේ අර සජිගේ ආණ්ඩුවෙන් අල්ලලා හිරේ දැම්මේ? මතක නැතිද?
sharm warnWednesday, 05 February 2020 04:25 AM
සිරි, කුහකයෙක් වෙන්නේ නැතුව සිංහලයෙක් වෙන්න. අනිත් රටවල් කරන හැම හොද දෙයක්ම අපේ රටේ වෙනවද ? එහෙනම් වෙනත් කිසිම රටක භාෂා දෙකකින් ජාතික ගීය ගයන්නේ නැති වෙද්දී අපේ රටේ කොටසක් දෙමළෙන් ගයන්න කියො දිවි නහගන්න හදන එක ගැන ඔයාගේ අදහස මොකද්ද ? එච්චරත් එපා. ඔයාට මේ ගුවන් මෙහෙයුමට යන්න කිව්වොත් ඔය ඉදිරිපත් වෙනවද ? චීන ආණ්ඩුවම සීල් තියපු මේ වගේ උවදුරක ගිලිලා ඉන්න නගරයකට ගිහින් එන්න ඔයා එක පයින් ඉදිරිපත් වෙනවද ? හාමතේ මිය යන්න වැටිලා හිටපු ළමයි 33ක් වෙනුවෙන් ඔය ඒ අවදානම ගන්නවද ? නිකමට කියන්නකෝ.
විජිත් Monday, 03 February 2020 02:14 PM
සුබ පැතුම් මගෙනුත්. ඔබ සැම මව්බිම වෙනුවෙන් කළ ඒ පරම යුතුකම වෙනුවෙන්..!!!
chandima Monday, 03 February 2020 02:36 PM
රට වෙනුවෙන් සිත වැඩකළ මේ පිරිසට අපේ ආචාරය. ඉස්සර නම් මේ විදියේ දෙයක් කළොත් මාධ්‍ය සාකච්ඡා තියන්නේ අඩුතරමින් වෛරස් කියලා සිංහලෙන් ලියාගන්න අකුරු දන්නෙත් නැති ඇමතියෙක්... ඔන්න සැබෑ වෙනස. එ්ත් මේ පසුගියදා සජී පුතා මේ වෛරසේ ගැන ඕන ප්‍රශ්නයක් අහන්න කියලා මාධ්‍ය සාකච්ඡාවක් තියන්න හැදුවා. එ්කට මොනවා වුණාද දන්නේ නැහැ. අනේ ඉතින් සජි පුතා වගේ කෙනෙක් මේකාලේ ජනාධිපති වෙලා උන්නා නම් මේ ළමයි 33දෙනාට දෙවියන්ගේම පිහිට තමයි. එහෙම වුණානම් මේ වෙනකලුත් මාධ්‍ය සාකච්ඡා තියතියා ඉන්නවා. නැතිනම් අර එයා හදනවා කියාපු සාධක හමුදාවට බඳවාගන්න ඉල්ලුම්පත්‍ර කැඳවනවා.
lanka Monday, 03 February 2020 02:55 PM
අපි නොදන්නා හෝ නොදන්නවා සේ සිටින ප්‍රධානම කරුණ තමයි ලංකාවේ චීන ජාතිකයන් රැකියා සඳහා පැමිණි පිරිස ලක්ෂ 3ක් ඉක්මවද්දී චීනයේ සිටින ලංකාවේ මුළු ජනගහනය බහුතරය මුදල් අතින් ගෙවා ඉගෙනීමට ගිය සිසුන් 1500 කටත් වඩා අඩුවීම. කොහොමද ආක්‍රමණය..? කතාවට කියන්නේ අපේ යුද්ධය වෙලාවේ චීනෙලු උදව් කලේ... මරු ප්‍රතිඋපකාරේ. ප්‍රශ්නේ තමයි අපේ වඩුබාස්ලව අපි දහදුක් විඳින්න මැදපෙරදිග ඇරලා අපේ රටේ අයිස් වැඩවලට චීන ජාතිකයන් ගෙන්වීම... මෙය කොතරම් දුරට සාධාරණයිද?
Naushad Monday, 03 February 2020 02:55 PM
ඔබගේ උත්සාහයට බොහෝම ස්තූතියි. මෙම කාර්යය ඉටු කිරීම සඳහා ඔබ දැරීමට සිදුවූ අමතර පැය හා අමතර වෑයමට ස්තූතියි. ඔබගේ සෑම උත්සාහයක්ම මම අගය කරමි. ඔබ සැමට දෙවි පිහිටයි.
Katukanna Tissa Monday, 03 February 2020 03:14 PM
ඇඳන් හිටපු කිට් දැක්කම මන් හිතුවේ අඟහරු ලෝකෙට ගිහිල්ලා කියලා..! ජපානෙත් ෆ්ලයිට් 3,4 ක් ගියා, අඟහරු කිට් ඇන්දෙත් නැහැ. වීරයින් වුණෙත් නැහැ. ප්‍රෙස් කොන්ෆරන්ස් තිබ්බෙත් නැහැ. කොටින්ම කිව්වොත් ගියේ කව්ද කියලා දන්නෙත් නැහැ කාටත් වැඩකුත් නැහැ. අපේ සෙට් එක විතරද මේ ජීවිත පරදුවට ගිහිල්ලා තියෙන්නේ?
sharm warnWednesday, 05 February 2020 04:20 AM
තිස්ස , බැරි වෙලාවත් මේ අය සාමාන්‍ය ඇදුමෙන් ගිහින් එක්කෙනෙක් හරි ආසාදනය වෙලා මෙහෙටත් වෛරසය පැතිරුනා නම් ඔයා ඔය කතාව කියනවද ? කුහකයෙක් වෙන්නේ නැතුව සිංහලයෙක් වෙන්න බැරි ද ? සිංහලයන් අතර හිටපු කුහකයෝ තමයි කවදත් රට පාවලා දුන්නේ.
Raveendra Monday, 03 February 2020 03:23 PM
තමන්ගේ රට වෙනුවෙන් කල සේවය අප අගයන්නෙමු.
De Monday, 03 February 2020 03:55 PM
හොඳ ආදර්ශයක් අපේ දේශපාලුවන්ට, කට අඩුවෙන් වැඩ වැඩියෙන් කර පෙන්වන්න. වැඩේ කරලා හොඳනම ගත්තට කමක් නෑ. ඔබ සියලුදෙනාටම පින්.
Kumar Monday, 03 February 2020 04:47 PM
ඇමෙරිකාවේ මලිට්ටා ගුවන් සේවයේ 747 ගුවන් යානයකින් චීනය ගොසින් ඒ රටේ කොටුවී සිටිය ඇමෙරිකන් පුරවැසියන් පුරවාගෙන පැය 15ක් පමණ පියාසරකර මෙරටට පැමිණියා. ඒ අය සිතුවේ ඒ කටයුත්ත ඒ අයගේ රැකියාවේ කොටසක් හැටියටයි.
සෙනෙවිරත්න Monday, 03 February 2020 08:07 PM
මේ අපි අපිම නේද? මෙයාලා නොගිහින් අප්පුහාමි මාමණ්ඩි මේක කරන්නද? මේ නිසා අපේ ඇස් අන්ධව ඇත.
de silva Tuesday, 04 February 2020 01:59 AM
ඕක කියන්න අර දොස්තර මාෆියාවට, ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනකොට කොරෝනා අාසාධනය වෙන්න ඉඩ තිබෙනවා කියලා ඔවුන් පසුගිය දවස්වල අමතර දීමනා ඉල්ලුවා... හොඳ වෙලාවට ජනාධිපතිතුමා තත්වය පාලනය කරගත්තා. සිරිසේන මහත්මයා සිටියානම් අර දත්දොස්තර සමග එකතුවෙලා වැඩේ අනාගන්න නිසා අපට පාරක බැහැලා යන්න බැරි වෙන්න මාෆියාව ලොකු උද්ඝෝෂණයක් කරනවා නියත වශයෙන්ම...
අනුර Tuesday, 04 February 2020 02:07 AM
දරුවනේ, ඔබ මේ ක්‍රියාව ආරම්භ කළේ ජීවිත අවදානමත් නොතකාය... එබැවින් ඔබලා උපහාර බලාපොරොත්තුවෙන් මෙය නොකළ බව ඉතා පැහැදිලිය. ඔබ වැනි පුරවැසියන් රටක් අනෙක් අය කෙරෙහි දක්වන ආකල්පත් ඉතා අගනේය. මෙවන් ශ්‍රේෂ්ඨ අදහස් ඇති පුද්ගලයන් තව තවත් බිහිවන්නේ නම් නුදුරු අනාගතයේම අපේ රට දියුණු රටක් බවට පත්වීම නොවැළැක්විය හැකිය.
ලුම්බිණි Tuesday, 04 February 2020 02:35 AM
මෙය සමහරෙකුට ජීවිතය පරදුවට තබලා කරපු දෙයක් ලෙස පෙනෙන්න පුළුවන්. සමහරකුට සාමාන්‍ය දෙයක් ලෙස පෙනෙන්නත් පුළුවන්. හැමෝම එක විදියට හිතන්නේ නැති බව දන්නේ නැද්ද?
dare Tuesday, 04 February 2020 03:06 AM
මේක ලොකුදෙයක් කරගන්නේ නැතුව සද්දේ වහලා හිටියා නම් මේ මිනිස්සුන්ට පාඩුවේ එදිනෙදා වැඩ ටික කරගන්න තිබ්බා. දැන් වටේ පිටේ ඔක්කොම බයවෙලා ඇති. කොහෙද ඉතින් මොලයක් නැහැනේ... මේ සංදර්ශනවලට සහභාගි නොවී ඉන්න.
Bamunuarachchi Tuesday, 04 February 2020 03:35 AM
‘‘අපි වීරයන් නෙමෙයි - රට වෙනුවෙන් අපේ රාජකාරිය ඉටුකළා’’ ඔබලා හරියට හරි... මේ ගොල්ලන්ගේ ගොබ්බ් පාටවලට අසුවන්න එපා...
wimal Tuesday, 04 February 2020 05:29 AM
බුදුඅම්මෝ අපි පුදුම වාසනාවන්ත ජාතියක් සහ රටක්, අපිට විතර වීරයෝ නැහැ ලෝකේ කිසිම රටකට... අපිට ඉන්න දේශපාලකයිනුත් මීට නොදවෙනි වීරයින්... පුදුමේ තමයි චීන්නු දන්නේ නැහැ ලංකාවේ මේ වගේ වීරයින් ඉන්න විත්තිය, මේ ගහපු කණ්ඩායම ගෝල්ෆේස් එක ඉදිරියේ පිලිරුවවල් හදලා පහන් පත්තු කරන්න ඕනෑ... පුදුමේ තමයි අපිටම නේ මෙවගේ වීරයෝ ඉන්නේ.... මනුස්සයින්ට ලෙඩක් දුකක් හැදුණම අපට වීරයන් වෙන්න පුළුවන්ද? " අපි අසරණයි බුදු හමුදුරුවනේ....!!!"
JayTuesday, 04 February 2020 07:20 AM
මනුස්සයෝ, පේන්නේ නැද්ද ඒ මිනිස්සුම කියලා තියෙනවා අපි වීරයන් නෙමේ, යුතුකම ඉෂ්ට කළා කියලා, ඔච්චර දඟලන්න එපා. ඒ මිනිස්සු කලේ සංවිධානය කරපු මාධ්‍ය හමුවට ඇවිල්ලා තමුන්ගේ අදහස් ප්‍රකාශ කරපු එක විතරයි. ඔහොම ඉරිසියා කරන්නයි, කුහකගති පෙන්නන්නයි එපා.