IMG-LOGO

'අපි තවමත් දවසකට කෝටියක් කප්පම් ගෙවනවා'

 

(ජයන්ත සමරකෝන්)

දිනකට පෞද්ගලික බස්රථවලින් රුපියල් කෝටියක පමණ මුදලක් කප්පම් වශයෙන් ගැනීම තවමත් සිදුවන බව සත්‍යයක් යැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණූ විජේරත්න මහතා අද (25) පැවසීය.

වේලා සටහන්කරුවන් මෙන්ම ‘රනර්ලා’ විසින් මෙම කප්පම් ගැනීම තවමත් නතර කර නැතැයි ද ඒ මහතා කීය.

ඒ අනුව, දිනපතා දිවයිනේ බස්රථ 20,000 කින් පමණ නිල හා නොනිල අයුරින් මෙම කප්පම් ගැනීම සිදුවන බව නොබියව පවසන බවද හෙතෙම සඳහන් කළේය.

ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා මෙම තතත්වය නතර කිරිම සඳහා බුද්ධි අංශ යොදවා වැටලීම් සිදුකර, සැකකරුවන් අත්අඩංගුවට ගැනීම අඛණ්ඩව සිදු කරනු ලැබූවද කප්පම් ගැනීම් තවදුරටත් සිදුවන බවද හෙතෙම පෙන්වාදුන්නේය.



අදහස් (10)

'අපි තවමත් දවසකට කෝටියක් කප්පම් ගෙවනවා'

රාජේශ් ඛන්නා Friday, 25 September 2020 10:08 AM

20 ගෙනෙනවා නම් ශ්‍රී ලංකාව තුළ දී හෝ පිට දී ශ්‍රී ලංකාවේ කාරණයක් වෙනුවෙන් කිසිම ස්වරුපයක කප්පම් ගැනීමක් හෝ කොමිස් ගැහිල්ලක් නොවන තැනට නීති සකස් කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්න. ජනාධිපති , අගමැති හා ද්විත්ව පුරවැසියන් ද ඇතුළුව රටේ සියළු දෙනාටම සමව බලපාන පරිදි ඇප නැති ව නඩු අසා සතියක් ඇතුළත නඩු අවසන් කොට ජීවිතාන්තය දක්වා බරපතළ වැඩ සහිතව දැඩි දඬුවම් ද ඇතුළත්වන පරිදි නීති සකස් විය යුතුමය.

:       1       8

prabha Friday, 25 September 2020 12:12 PM

හොඳ අදහස. ඒත් සතියෙන් නඩු අහන විනිසුරුවන් පත්කරන්නේ කවුද?

:       1       4

රාජේශ් ඛන්නාSaturday, 26 September 2020 04:59 AM

විනිසුරුවන් පත් කිරීම දත්ත පරිගණකයකට බාරදෙන්න. නිවැරදිම අය තෝරලා දේවි...

:       0       2

mahinda Friday, 25 September 2020 10:18 AM

මගී ජීවිත, මගී ආරක්ෂාව, මාර්ග නීති, මාර්ග විනය නීති තුට්ටුවකට නොසලකන ගැමුණුගේ බස් මාෆියාව මෙරටින් තුරන්කළ යුතුමයි. රටේ නීති තඹ සතයකට නොසලකන්නේ පුද්ගලික බස් මාෆියාව හා අනුරුද්ද පාදෙනියගේ වෛද්‍ය මාෆියාව පමණි. අඩු තරමින් පාතාල මැරයින් වුවත් රටේ නීතිය රකිනා පොලිසියට අධිකරණයට බියක් දක්වති.

:       1       7

Hafeel Friday, 25 September 2020 10:29 AM

එහෙමනම් එක රටක්, එක නීතියක් කියන්නේ?

:       1       9

ravin Friday, 25 September 2020 11:09 AM

කප්පමුත් ගෙවනවලු.. ලාබත් ලබනවලු.. කොහේද වරද?

:       1       6

kapila Friday, 25 September 2020 11:17 AM

මේ වරද කප්පම් දෙන තැනැත්තගෙයි. හැම කෙනෙක්ම කප්පම් දෙන එක නතර කළොත්, කප්පන් ඉල්ලන කෙනා මොනවා කරන්ටද?

:       2       8

Kappam Gewana Magiya Friday, 25 September 2020 12:09 PM

මගී ජනතාව වන අපි එහෙනම් දැන් අවුරුදු කීයක් ඔහෙට කප්පම් ගෙවනවද?

:       1       7

විජිත් Friday, 25 September 2020 03:34 PM

ඉතින් මොන මගුලකටද කප්පම් ගෙවගෙවා මේ බස් බිස්නස් එක කරන්නේ...? බස්කාරයින් නිතරම කියන්නේ පාඩුයි. අතින්, කයින් වැඩක් නැහැ. අපරාදේ වගේ කතන්දර. ගැමුණු, පච හලන එකෙත් ප්‍රමාණයක් තියෙනවා.. බිස්නස් පාඩු නම්.. තවත් නය වෙන්නේ මොකටද..? යන්න. ඔක්කොම බස් ටිකත් අරගෙන යන්න. වැඩිම වුනොත් සුමානයක් මිනිස්සු රස්තියාදු වේවි.. ලංගම නොකඩවා දුවවලා හරි මේ අවස්ථාව - අවස්ථාවක් කරගන්න රජය උත්සාහ ගත යුතුයි. රජය එය නොකරන්නේ දුෂිත ඇමතිලාට දේශපාලුවන්ට අයත් ප්‍රයිවෙට් බස් තියෙන නිසා. ජේ ආර් අායෙත් ගෙනාපු මේ ප්‍රයිවට් බස් නැතිවුණොත්... කන් අඩි පුපුරන සද්ද දාගෙන, පොලිතීන් එල්ලගෙන, කළු දුම් දාගෙන රේස් යන ප්‍රයිවෙට් බස් මාෆියාව නැතිවේවි. උදේ ඉඳන් මගීන්ගේ ඉතිරි සල්ලි හොරාකමින්, මගීන්ට බොහොම ආදරයෙන් කුණුහරුපයෙන් අමතන කොන්දාටයි රේස් යන ඩ්‍රයිවර්ටයි. ගැමුණුගේ පිහිටයි.

:       0       6

Perera Friday, 25 September 2020 07:44 PM

කප්පම් ගන්න අයට දේශපාලන හයියක් තියෙන නිසා තමයි නවත්තන්න බැරි.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site