
(දයාරත්න ඇඹෝගම)
ආසාධාරණ හා අයුක්ති සහගත ලෙස උදුරාගත් විශ්‍රාමික වැටුප වහා ලබාදෙන ලෙස ඉල්ලා රජයට ඉදිරිපත් කිරිම සදහා විරෝධතා පෙත්සමකට අනුරාධපුරයේ විශ්‍රාමිකයන් පිරිසක් අද (22) අනුරාධපුර ඩි.එස්.සේනානායක වටුරවුමේදි අත්සන් තැබුහ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරකිමේ ජාතික සංවිධානයේ අනුරාධපුර දිස්ත්‍රික් සංවිධායක ආනන්ද ප්‍රේමකුමාර මහතා මෙසේ පැවසිය.
2016 ජනවාරි 01 දින සිට 2019.12.31 දක්වා විශ්‍රාම ගිය අයට හිග මුදල 2020 ජනවාරි මස සිට අපේ විශ්‍රාම වැටුපට එකතු කරනවා කියලා රජයෙන් අපට පොරොන්දුවක් ලබාදුන්නා.
ඒ අනුව 2020 මේ මුදල් ගෙවිමට අදාල කරන සියළු චකු ලේඛ නිකුත් කරලා මහා භාණ්ඩාගාරයේ අනුමැතිය අනුව ගෙවිමට තීන්දු කරලා තිබුණා.
නමුත් බලයට පත්වුන මේ ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය විසින් 2020 ජනවාරි 02 දා තිරණයක් ගත්තා මේ විශ්‍රාමිකයන්ගේ එම මුදල් ගෙවිම අත් හිටුවන්න.මේ සම්බන්ධයෙන් අපි දිගින් දිගටම විරෝධය දැක්වුවා නමුත් මේ ආණ්ඩුව මෙතෙක් ඊට යහපත් ප්‍රතිචාරයක් දැක්වුයේ නැහැ.ඒ නිසා අපි ලංකාවේ සියළු විශ්‍රාමිකයන් තිරණය කලා විරෝධතා පෙත්සමක් අත්සන් කරන්න.
මේ සම්බන්ධයෙන් තම සංවිධානය අධිකරණයේ නඩුවක්ද ගොණුකර ඇති බවද මෙහිදි ආනන්ද ප්‍රේමකුමාර මහතා පැවසිය.

COMMENTS
එහෙම වැටුප් වැඩිකල රජය හොඳනැති නිසානේද ජනාධිතිවරණයෙන් එම රජය පරදවා නව රජයක් පත්කර ගත්තෙ. කැලේ සිටින සර්පයින් ඔඩොක්කුවේ දාගෙන කනවෝ කනවෝ කියල වැඩක්නැහැ. පවතින රජයේ ඇත්තො හිතා ඉන්නේ 2016 ත් 2020 ත් අතර විශ්‍රාම ගත්අය යූ ඇන් පී රජයෙන් පත්වීම් ගත්අය කියලයි. මට පුදුමය කියන්නේ විශ්‍රාම වැටුප ඉල්ලා නඩුමගට බැස්ස හිටපු විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂම මැතිවරණයේදී වැටුප අත්හිටවූ පක්ෂයේ කෙනෙකුගේ ජය වෙනුවෙන් ඡන්දය ඉල්ලමින් අත්පත්‍රිකා යැවීමයි.