
(දයාරත්න ඇඹෝගම)
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත අහෝසි කරන ලෙස බලකරමින් සහ තවත් ඉල්ලිම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තිය සමිති එකමුතුව විසින් අනුරාධපුර නව නගරයේ බස් නැවතුම් පල ඉදරිපිටදි අද(13)දින උද්ඝෝෂණයක නිරත වුහ.
කොතලාවල විශ්ව විද්‍යාල පනත අහෝසි කිරිම,පැහැර ගෙන ගොස් බලහත් කාරයෙන් නිරෝධායනය කරන පිරිස නිදහස් කිරිම,ගුරු විදුහල්පති වැටුප් සංශෝධනය කරන ලෙස යන කරුණු මුල්කර ගනිමින් මෙම විරෝධතාවය සංවිධානය කළ බව ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙහිදි පැවසිය.
විවිධ බැනර් හා පොස්ටර් ප්‍රදර්ශනය කරමින් පැය දෙකකට අධික කාලයක් උද්ඝෝෂණයේ නිරතවු පිරිස පසුව සමකාමිව විසිර ගියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd