(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර පොලිසියේ විවාහක නිලධාරින් පදංචිව සිටින නිල නිවාසයක අද (09) අලුයම අත් බෝම්බයක් පුපරා ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙම අත් බෝම්බය පුපුරා ගොස් ඇත්තේ එස්.දිල්හානි නැමති කාන්තා පොලිස් කොස්තාපල් වරියක් පදිංචිව සිටි නිල නිවාසයකය. අද (09) අලුයම 3 ට පමණ මෙම සිදු වී තිබේ.
මෙම පොලිස් කොස්තාපල්වරිය පදිංචිව සිටි නිල නිවාසයේ නිදන කාමරයේ ජනෙල් කවුළුවක් තුළින් බෝම්බය කාමරය තුළට දමා ඇති අතර එය පිපිරිමෙන් කාමරයේ බිත්ති වලටද හානි සිදුවි ඇති බව පොලිසිය සදහන් කළේය.
බෝම්බය පුපුරන අවස්ථාවේ පොලිස් කොස්තාපල්වරිය සහ ඇගේ වයස අවුරැදු දෙක හමාරක දියණිය නිදා සිටියද ඔවුන් දෙදෙනාට අනතුරක් සිදුව නොතිබුණි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවති මුලික පරික්ෂණයේදි මෙම පොලිස් කොස්තාපල්වරිය සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ ස්වාමි පුරුෂයා සැක සහිත බවට ප්‍රකාශයක් ලබාදුන් බව පොලිසිය සදහන් කළේය.
ඇයගේ සැමියා යුද හමුදාවේ සේවය කරන අතර දෙදෙනා අතර අධිකරණයේ නඩුවක් පවතින බව පොලිසිය සදහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂණයක් සිදු කර පොලිස් කොස්තාපල් වරියාගේ සැමියා අත් අඩංගුවට ගන්නා බවද පොලීසිය සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 21
307
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
337
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1270
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අ‘පුර පොලිස් කාන්තා නිල නිවාසයක අත් බෝම්බයක් පුපුරයි