IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අ’පුර නගර සබේ නගරාධිපති - උතුරුමැද හිටපු සභාපති ඇතුළු 4 ක් රිමාන්ඩ්

(උපාලි ආනන්ද)

අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකු ජුනි 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම  වැඩබලන මහේස්ත‍්‍රාත් පුෂ්පපානී වික‍්‍රමසිංහ මහත්මිය අද (17) නියෝග කළාය.

එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත‍්‍රික් සාමාජික ප‍්‍රවර්ධන නිලධාරිවරයා ලෙස කටයුතු කරන අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30 ට අධික දේපල අනර්ථයක් සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ බවට චෝදනා ලැබ සිටී.

ඒ මෙම සැකකරුවන් නීතිඥයින් මාර්ගයෙන් පොලිසියට  බාර වූ අවස්ථාවේ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවේ කැඳවිණි.

මෙසේ බන්ධනාගාර ගත කලේ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච් පී සෝමදාස උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී. එමි. ආර්. සිරිපාල,  රාජාංගනය ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති  සමන් නිල්මිණි සහ ග‍්‍රාම නිලධාරී  ජගත් චන්ද්‍රසිරි යන සැකකරුවන්ය.

මෙම සැකකරුවන් බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන  මහේස්ත‍්‍රාත්වරිය  නියෝග කළ පසුව අධිකරණ බැඳුම්කර ලේඛනද අත්සන් නොකර මෙම සැකකරුවන් පමණක් බන්ධනාගර බස් රථයෙන් අනුරාධපුර බන්ධනාගාරයට යවනු ලැබීය.

සැකකරුවන් මෙම අපරාධය සදහා යොදා ගත් බවට සැකකරන වාහන වහාම අත්අඩංගුවට ගන්නා ලෙසද එවකට හිටපු මහේස්ත‍්‍රාත් ඉලංගසිංහ මහතා තඹුත්තේගම  පොලිසියට එහිදි තවදුරටත් නියෝග කෙරිණි.

1999 වසරේ පැවැති ජනාධිපතිවරණ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පැවැති සමයේ  උතුරු මැද පලාත් සභාවේ හිටපු  සභාපති ටී.එමි.ආර්.සිරිපාල ඇතුළු සැකකරුවන් මෙම අපරාධය සිදකර ඇති බව පොලිස් විමර්ශනවලදි අනාවරණය වී තිබේ.

සැකකරුවන්  වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥයින් වන රංජිත් රාජකරුනා එච් බී  රත්නායක උත්තරා අබේසිංහ නීතිඥයින් වන දර්ශන  කුරුප්පු රෝහණ පේ‍්‍රමලාල් නලීන් දිමුතු බංඩාර  ශ‍්‍ර‍්‍ර‍්‍ර‍්‍රි ලාල් තලංගල්ල  තරංග සංජීව  සහ  ඉදුනිල් හෙට්ටිආරච්ච් යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

අගතියට පත් පැමිණිලිකාර ආනන්ද වේරගොඩ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කිත්සිරි ද සිල්වා මහතා පෙනී සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් තඹුත්තේගම මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක අතුකෝරාල මහතා සමඟ එම පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් පෙනී සිටියහ.



අදහස් (2)

අ’පුර නගර සබේ නගරාධිපති - උතුරුමැද හිටපු සභාපති ඇතුළු 4 ක් රිමාන්ඩ්

sirimal Monday, 17 June 2019 11:00 AM

තණකොළ වැපුරුවොත් නෙලාගන්න වෙන්නේ තණකොළම තමයි ඉතින්. මේ ගොල්ලොද ආයෙත් රජකමටත් පත් කරගන්න කියලා කියන්නේ? අනේ රටට ගිය කලක්...

:       0       70

MaheeMonday, 17 June 2019 08:07 PM

සිරිමල්, ඕක තේරුම් ගන්න තරම් අපේ ජනතාව දැනුවත් නම් මේ එක්කෙනෙක්වත් ආයේ එන්නේ නැති බව හැබැව. එත් තණකොළ වපුරනවා විතරක් නෙමෙයි, ඒ තණකොලම ආහාරයට ගන්න කී දෙනෙක් ඉන්නවද කියල ඔන්න බලාගන්න ඊ ළඟ පළාත් පාලන ඡන්දෙදි. අනික 1999 සිදුකල අපරාධයකට නඩුව පටන් ගන්න යන්නෙත් අවුරුදු 20 කට පස්සේ. ඒ අපරාධකාරයෝ පෙනී පෙනීම විශේෂ සැලකිලිත් ලබනවා. අපට තණකොළ නෙමෙයිද ගැලපෙන්නේ, සිරිමල්?

:       0       35

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site