(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අනුරාධපුර නගරයේ පිහිටි අවන්ති දේවි ළමා නිවාසයේ දරුවන් කෲරත්වයට පත්කිරීම සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව අද 14 අනුරාධපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය
ඒ සම්බන්ධයෙන් ලද පැමිණිලි අනුව එම ළමා නිවාසයේ ළමයින් 52 ගේ පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔවුන් යම් ආකාරයක කෲරත්වයට පත්ව ඇති බවට අනාවරණය වී තිබූ බව මාධ්‍ය ප්‍රකාශක වරයා කීය .
52 හැවිරිදි සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
COMMENTS
කරුණාකර මෙම කාන්තාවගේ සියලු විස්තර ඡායාරූප සහිතව පලකරන මෙන් ඉල්ලා සිටින්නෙමු. ළමා නිවාසවල සිටින්නේ නොයෙකුත් අපහසුතාවයන්වලට පත්වූ දරුවන් බව නොරහසකි. එවන් දරුවන්ට ආදරයෙන්, දයාවෙන්, කරුණාවෙන් බලාකියා ගැනීමට නොහැකි මෙවන් ගැහැණුන් එවන් තනතුරුවලට පත්කළ "බූරුවන්ට" හොඳටම තලන්න ඕනේ...