(උපාලි ආනන්ද)
අනුරාධපුර අවන්තිදේවි කාන්තා ළමා නිවාසයේ රැකවරණය ලබමින් සිටින දැරියන් කෲරත්වයට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එහි ප්‍රධාන පාලිකාව මේ මස 18 වන දින දක්වා රිමාන්ඞ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ජනක ප්‍රසන්න සමරසිංහ මහතා අද (15) නියෝග කළේය.
සැකකාරිය විසින් කෲරත්වයට පත් කර ඇති බව කියන දැරියන් සම්බන්ධයෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා සිදු කළ පරික්ෂණයේ වෛද්‍ය වාර්තා සහ මෙම සිද්ධිය පිළිබදව සිදු කෙරෙන විමර්ශණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරික්ෂිකා යමුනා කාන්ති මහත්මියට තවදුරටත් නියෝග කල කරනු ලැබීය.
මෙසේ රිමාන්ඞ් කලේ අනුරාධපුර අවන්තිදේවි කාන්තා ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව වන අමරා වීරසිංහ නැමැති 52 හැවිරිදි කාන්තාවකි.
සැකකාර ළමා නිවාස පාලිකාවට එරෙහිව වෙන් වෙන් වශයෙන් බී වාර්තා 11 ක් අධිකරණයට ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය අධිකරණයට සැල කර සිටියේ අනුරාධපුර කඩ පනහ ප්‍රදේශයේ පිහිටි අවන්තිදේවි කාන්තා ළමා නිවාසයේ දැරියන් පිරිසක් එහි පාලිකාව විසින් කෲරත්වයට පත් කර ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනයේදී අනාවරණ වූ බවයි.
2025 දෙසැම්බර් මස 16
72
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
872
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අ’පුර අවන්ති දේවි ළමා නිවාසයේ පාලිකාව රිමාන්ඩ්