(අජිත්ලාල් ශාන්තඋදය)
කප්පම් ගැනීම්, මුදල් කොල්ලකෑම් සහ පුද්ගලයින් පැහැර ගැනීම් රැසකට සම්බන්‍ධ බවට සැකකරන අපරාධ කල්ලි සාමාජිකයෙකු අද(17) නවීන පන්නයේ රිවෝල්වරයක් ද සමග පරකඩුව තලාවිටිය වත්තේ දී රත්නපුර පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
බුද්ධි අංශ තොරතුරු මත අත්අඩංගුවට පත් මෙම සැකකරු අතුරුගිරිය ප්‍රදේශයේ ප්‍රබල අපරාධකරුවෙකුගේ ගෝලයෙකු බවට සැකකරන්නේ යැයිද පොලීසිය පැවසුවේය.
මෙම සැකකරු පොලිසිය සහ අපරාධ අංශ විසින් සොයමින් සිටි පුද්ගලයෙක් බව ද, පොලිස් අපරාධ විමර්ශන අංශ විසින් ප්‍රබල ගණයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදුකරද්දී මොහු පරකඩුව ප්‍රදේශයට පලාවිත් සැඟව සිටින්නට ඇතැයි සැකකරන බව ච පොලිසිය කීය.
ඇහැලියගොඩ පොලිස් වසම තුල පිහිටි ප්‍රදේශයක මොහු සැඟව සිටියේය. එම ප්‍රදේශයේදී මොහු සමග සම්බන්‍ධකම් පැවැත්වු පුද්ගලයන් ගැන ද පොලීසිය විමර්ශනය කරනු ලබයි.
සැකකරු අද (18) අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS