IMG-LOGO

‘‘අපට වඩා ගැලපෙන්නේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි‘‘

(විනීතා එම් ගමගේ)

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත ශ්‍රී ලංකාවට ගැලපෙන සාර්ථක එන්නතක් යැයි රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සිසිර සිරිබද්දන මහතා පවසයි.

එය ඉක්මණින් අනුමත කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත යුතු බව වෛද්‍ය මතය බව ද හෙතෙම පෙන්වා දෙයි. ඇස්ට‍්‍රාසෙනිකා එන්නතට වඩා සයිනොෆාම් එන්නත සෞඛ්‍යාරක්ෂිත බව පර්යේෂණවලින් හෙලිවී ඇතැයි ද එයින් සිදුවන අතුරු ආබාධ අවම යැයි ද ඔහු කියයි.

මේ වනවිට ලෝකයේ කොවිඞ් 19 වයිරසයට එරෙහිව නිපදවූ එන්නත් අතරින් වැඩිපුරම භාවිතා වන්නේ අටක් පමණක් යැයි කී මහාචාර්යවරයා එයින් ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කර ඇත්තේ ඇස්ට‍්‍රා සෙනිකා, ෆයිසර් හා ජොන්සන් සහ ජොන්සන් යන එන්නත් තුන පමණක් බව ද සඳහන් කරයි.

කෙසේ වෙතත් මෙතෙක් අනුමත නොකරන ලද සයිනොෆාම් එන්නත අනුමත කරන ලද ඒවාට වඩා හිතකාමි බව ද වැඩිපුරම භාවිතා කර ඇත්තේ ද එම එන්නත බව ද ඔහු කියා සිටියේය.

සයිනොෆාම් එන්නත අසාත්මික වී කිසිවෙක් මිය ගිය බවක් මේ වනතුරු වාර්තා වී නැතැයි ද ඇස්ට‍්‍රාසෙනිකා එන්නතින් මොළයේ හා උදරයේ ශිරාවන්හි ලේකැටි ගැසීම් වාර්තා වී ඇති අතර මියයාම් වාර්තා වී ඇතැයි ද වාර්තා පෙන්වා දෙයි. සයිනොෆාම් එන්නත පන්ලක්ෂයක් ලබාදුන් පසුව එයින් අසාත්මික වී ඇත්තේ 1.06 පිරිසකට පමණකැයි ද ඒවා කුඩා අතුරු ආබාධ යැයි ද වාර්තාවන්හි සඳහන් වේ.

 



අදහස් (8)

‘‘අපට වඩා ගැලපෙන්නේ චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතයි‘‘

Achini Sunday, 02 May 2021 12:01 PM

චීනෙන් යමක් කමක් ලැබිලද? ඉතින් ඉට වඩා රැසියන් හොදන්නෙ

:       0       0

සයිනොෆාම් Sunday, 02 May 2021 01:11 PM

විපක්ෂයේ උගත්, බුද්ධිමත් මහත්වරු රැලට එන්නතට වැඩිය චීනය ආසාත්මිකයිනේ..

:       0       0

nawarana Sunday, 02 May 2021 01:12 PM

චීනය තුළ එම එන්නත සාර්ථක බව පෙනේ.. මරණ නැත. මිලියන වැඩිම ජනගහනයක් ඇති රටේ ආසාධිතයින් අවමයි. අනිකුත් සියලු එන්නත්, මුඩු හිසක් ඇති අයෙකුගේ කෙස් වැඩීමට විකුණන තෙල් බෙහෙත් හා සමානයි..

:       0       0

nelum Sunday, 02 May 2021 04:22 PM

චීනේ එක හොඳයි කියල අහන්න අපි හරි ආසාවෙන් ඉන්නේ. ඔබතුමාට හෙට අනිද්දා උසස්වීමක් ලැබෙනු ඇත.

:       0       0

Rohitha Sunday, 02 May 2021 04:53 PM

මෙයාවත් චීනෙන් මිලදී අරන් වගේ.

:       0       0

Deepal Nirosh Monday, 03 May 2021 03:49 AM

අන්න තහනම් වචනය කිව්වා, දැන් ඉතින් තරගයෙන් ඉවතට. “අපට වඩා ගැලපෙන්නේ සයිනොෆාම් එන්නතයි“ කිව්වනම් ඉවරනේ. මොකට ද නිෂ්පාදිත රට කියන්න ගියේ?

:       0       2

Kumara Monday, 03 May 2021 05:11 AM

දී කිරට බලල්ලුත් සාත්කි කියන්නේ මේ වගේ කතා වලට තමයි. මහාචාර්ය සිසිර සිරිබද්දන කියන්නේ පැණි ආචාර්ය ජයසුමන ඇමති ගේ ගුරුවරයා / ගැලවුම්කාරයා.

:       0       4

Nishan Monday, 03 May 2021 10:23 AM

ඉතින් ඔයයි ඔයාගෙ පවුලේ අයයි ඉස්සෙල්ල ගහ ගන්නකෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 462 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 631 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site