(නිමල කොඩිතුවක්කු)
මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල්වල උග‍්‍ර ඖෂධ හිඟයක් ඇති බවට පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් දිවයිනේ කිසිදු රෝහලක එවැනි ඖෂධ හිඟයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ටී සුදර්ශන මහතා කොළඹදී අද (5) පැවැසීය.
යම් ඖෂධ වර්ගයක හිඟයක් ඇති වුවහොත් ඉතා කෙටි කාලයක් තුළ එම ඖෂධ සැපයීම සඳහා විධිමත් පටිපාටියක් මේ වනවිට සකස් කර ඇති බවත් ඔහු කියා සිටියේය.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යක්ෂවරයා මේ බව පැවැසීය.
මෙරට තුළ ඖෂධ වර්ග විසිදහසක් පමණ පවතින බැවින් ඇතැම් විට ඉන් ඖෂධ වර්ග 100 ක පමණ හිඟයක් පවතින පවතින විට එම හිඟය උග‍්‍ර ඖෂධ හිඟයක් බවට මවා පෑමට ඇතැම් පිරිස් උත්සාහ ගනිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.
රෝහල්වල ඖෂධ ප‍්‍රමාණය 5% දක්වා අඩුවනවිට මධ්‍යම ගබඩාව මගින් එම ඖෂධ සැපයීමේ ක‍්‍රමවේදයක් සකස් කර ඇති බවත් පැවසූ ඒ මහතා මධ්‍යම ගබඩාවේත් ඖෂධ නොමැති නම් ක්ෂණික මිලදී ගැනීම් සඳහා දිනකට රුපියල් 50,000/- සිට රුපියල් ලක්ෂ දෙකක් දක්වා ලබා දීමට කටයුතු කර ඇතැයිද සඳහන් කළේය.
වසංගත තත්වයක් හෝ එක්වරම භාවිතයේ වැඩිවීමක් සිදුවුවහොත් හැරෙන්නට කිසිදු ආකාරයකින් ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වනවිටත් සකස් කර ඇතැයිද වෛද්‍ය ඒ. ටී සුදර්ශන මහතා වැඩිදුරටත් පැවැසීය.
මෙම මාධ්‍ය හමුව සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය රූම් මොහොමඩ්, වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය ඩී. ආර්. කේ හේරත් යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
2025 නොවැම්බර් මස 21
4
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
978
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
‘අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක් නෑ’
rim Thursday, 05 September 2019 11:55 AM
එතකොට මේ JMOA කට්ටිය මොනවද කියන්නේ? බොරුවට රඟපානවද? අපිට නම් මොකුත් තේරෙන්නේ නැහැ.
Nuwan Thursday, 05 September 2019 01:26 PM
අනේ බොරු කියන්න එපා. අපේ අම්මට මාස ගාණකින් බේත් දුන්නේ නෑ. දෙන්න නියම කරපු බේත් ටික දීලා ඉවරයි කියලා කිව්වේ. අපි අහපුවම තමා කිව්වේ දෙන්න බෙහෙත් ගබඩාවේ නෑ කියලා. බේත් දෙන තැනුත් වහලා තියෙන්නේ... එළියෙන් ගන්න ලියලා දෙන්නෙත් නෑ. පරීක්ෂණ විතරයි කරන්නේ. ඒ නිසා දැන් අපි සිංහල බේත් කරන්නේ. අහිංසක මිනිස්සු හුඟක් අමාරුවේ වැටිලා ඉන්නේ බෙහෙත් නැති නිසා. තවත් බොරු කියලා මිනිස්සු රවට්ටන්න එපා...