(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ජනාධිපති අපේක්ෂකයකුගේ මැතිවරණ ලකුණ සළකුණු කරන ලද පත්‍රිකා 600 ක ප්‍රමාණයක් සමඟ නාගොඩ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් අද (16) තල්ගස්වල නගරයේදී සැකපිට අත්අඩංගුවට ගත් බව නාගොඩ පොලිසිය කියයි.
ප්‍රදේශය භාර ප්‍රාදේශීය තේරිම් භාර නිලධාරිවරයා ලබාදුන් තොරතුරක් මත මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු පොලිස් ඇපමත මුදාහැර තිබේ.
නගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාස ගතවන පරාජය පෙනිපෙනී වත්මන් ආණ්ඩුව මේ මැතිවරණය අන්ත දූෂිත මැතිවරණයක් බවට පත් කරමින් තිබේ. 2015 මහින්ද සමයේදීවත් ඔවුන් ඔවුන්ගේ පරාජය දැනගෙනත් මෙවැනි පහත් වැඩ කලේ නැහැ. මෙය මේ රටේ ජනතාවගේ අයිතිය බරපතල ලෙස මංකොල්ල කෑමක් වෙනවා. මේ මැතිවරණයෙන් පසු මොවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මකවේ යැයි අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.