
(රංජිත් රාජපක්ෂ)
සැදෑ සමය ධෛර්යෙන් සහ අධිෂ්ඨානයෙන් යුතුව ගත කරන 94 හැවිරිදි සිව්දරු මවක් ඊයේ (6) සහ අද (7) දින මහනුවර ඩි.එස්.සේනානායක විද්‍යාලයේ දි ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා පරික්ෂණ විභාගයකට පෙනී සිට තිබේ.
ඇය නමින් විතානගේ ලිලාවත් ඇස්ලින් ධර්මරත්නයි. 1928 පෙබරවාරි 15 දින උපත ලද ඇය දැනට නාවලපිටිය මිල්ලෑව ප්‍රදේශයේ බාල දියණියගේ නිවසේ පදිංචිව සිටින්නීය.
ඉංග්‍රිසි ගුරුවරියකු සහ නොතාරිස්වරියක් වශයෙන් සේවය කර විශ්‍රාම සුවයෙන් පසුවන එම මාතාවගේ වැඩිමහල් දියණිය බස්නාහිර පළාතේ සෞඛ්‍යය අධ්‍යක්ෂකවරිය වශයෙනුත්, දෙවන දියණිය ඕස්ට්‍රේලියා විශ්ව විද්‍යාලයක මහචාර්යවරියක් වශයෙනුත්, තුන්වන සහ සිව්වන දියණියන් උපාධිය ලබා දැනට රජයේවල නිරතව සිටි.
එම දිරිය මාතාවගේ එකම අපේක්ෂාව ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා විභාගයෙන් සමත් වි ඒ පිලිබදව පශ්චාත් උපාධිය ලබා ගැනීමයි.
එම දිරිය මතාව පිළිබදව තොරතුරු සොය අප නාවලපිටිය මිල්ලැව ප්‍රදේශයේ ඇය පදිංචි නිවසට යන විටත් ඇය විභාගය සදහා පොත පත පරිශිලනය කරමින් සිටි අයුරු අපට දක්නට හැකි විය.
කුඩා පුස්තකාලයකින් සමත්විත එම මතාවගේ කාමරය බුදු මැදුරකින් ද සමන්විත වන අතර එම මාතව ත්‍රිපිටක ධර්මය සහ පාලි භාෂාව පිළිබඳව හදෑරිමට සහ පොත පත පරිශිලනය කිරිමට දැඩි උන්නදුවකින් කටයුතු කරන මාතාවක් බව එහි ගිය අපට දක්නට ලැබිණි.
විභාගය සදහා ත්‍රිපිටක ධර්මය සහ පාලි භාෂාව පොත් පත් පරිශිලනය කරමින් සිටි ඇය එයට බාධාවක් නොකර ගනිමින් අප සමග මෙසේ අදහස් දැක් විය.
මම විතානගේ ලිලාවත් ඇස්ලින් ධර්මරත්න, මම ඉපදුනේ රයිගම් කොරලේ මිල්ලැව ප්‍රදේශයේ.
ඊට පස්සේ මම රැකියාවත් සමඟ නාවලපිටිය ප්‍රදේශයට ආවා. මම ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රසිද්ධ නොතාරිස් කෙනෙක් මම. මට දැන් 94 යි. මම ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂාව උපාධියක් කරනවා.ශ්‍රි සුමංගල ගුණානුස්මරණ විදයෝදය විශ්ව විද්‍යාලයෙන්.
මට මාස හය හතකට කලින් බරපතල ශල්‍යකර්මයක් සිදු කළා. ඒනිසා මට එක තැන ඉන්න වුණා ගොඩාක් කල්. ඒ අවස්ථාවේ මම හිතුවා අනුන්ගේ දේවල් ගැන හිත හිත ,වෛර කර , ව්‍යාපාරය පවත්ව පවත්ව කදුළු හල හල ඉන්න එක හොද නැ . හොද මනුස්ස ජිවිතයක් මට ලැබිලා තියෙන්නේ කියලා.
මම සියළුම කාන්තාවන්ට පණිවිඩයක් දෙන්න ඕනි , මම වයසයි , ළමයි මට සලකන්නේ නැ කියලා හිතන්නේ නැතුව හිත එක තැනකට යොමු කරගෙන කටයුතු කරන්න කියලා . මට මේ විභාග කරලා දැන් රැකියාවක් , පඩි වැඩි කර ගන්න , විශ්‍රාම වැටුප වැඩි කරගන්න මුකුත් කරන්න බැ. ඒවා මට වැඩකුත් නැ .
මම හිතනවා මම පාලි භාෂාව දන්නවා කියලා , ත්‍රිපිඨකය , අර්ථ කතා පොත් කිය වන්න දන්නවා. එහෙම හිතන්නේ මමනේ.
ඒක ඇත්තටම දන්නවද කියලා මම දැන ගන්න ඕනි, විභාගයක් කළාම මට දැන ගන්න පුළුවන්නේ මම ඒක දන්නවා කියලා නැත්තම් ඒක දියුණු කරන්න පුළුවන්නේ. මට හැමදෙයක්ම හොදට මතකයි. ඒ මොකද මම වැඩක් කරනකොට ඒ වැඩේ ගැන පමණයි හිතන්නේ.
මම මට අනවශ්‍යය දේවල් ගැන හිතන්නේ නැ. මටත් වේලාවකට හිතෙනවා මට මෙච්චර මතක හිටින්නේ කොහොමද කියලා. මැහුම් ගෙතුම් සම්බන්ධයෙන් මට සම්පුර්ණ විද්‍යාත්මක දැනුමක් තියෙනවා. පාලි භාෂාවට අවධානය යොමු කලේ මම බුද්ධ ධර්මයට ඉතාමත් ගරු කරන කෙනෙක්.
ලිඛිතව තියෙන පාලි භාෂාව ව්‍යාකරණ නිති අනුව මෙකේ තේරුම් මොකක්ද , කියන තැන මට අසිරු වෙනවනේ අන්න ඒ නිසා තමයි මම පාලි භාෂාව ඉගෙන ගන්නේ. ඒක මම ඊලග උපාධිය දක්වාම කරනවා මම ජිවතුන් අතර හිටියොත්. පාලි සහ බෞද්ධ අධ්‍යන පශ්චාත් උපාධි ආයතනයෙන් තමයි මම උපාධිය කරන්න යන්නේ.
පාලි අධ්‍යන ශ්‍රාස්තපති (එම්.ඒ) උපාධිය. මම විභාගයක් කරනවා කියලා හිතේ තියා ගන්න ඕනි, මම ඒක කරනවා කියලා අරමුණක් තියෙන්න ඕනි. විභාගයක් කියන්නේ අභියෝගයක් , මම තරුණ පරපුරට කියන්නේ කවදාවත් මනුෂ්‍යත්වය පහලට දාන්න එපා , මනුෂ්‍යන්ට බැරි දෙයක් නැ. දේවියන්ට කරන්න බැරි දේවල් මනුස්සයන්ට කරන්න පුළුවන්. යනුවෙන් පැවසිය.
බාල දියණිය සමඟ මහනුවර ඩි.එස්.සේනානායක විද්‍යාලයේ විභාගය සඳහා පෙනී සිටිමට ගිය ඇයට විශේෂ ශාලාවක් ලබාදිමට ද ශාලාධිපතිවරයා කටයුතු කර තිබිණි.


COMMENTS
පින්වත් මාතාවක්..., ඔබට අධ්‍යාපනයෙන් ජය අත්වේවා..!!!
මේ රත්තරං අම්මාට යහපතක්ම වේවා...!!!
ගඟ පහලට ගහගෙන යන මිනිස්සු අතරේ උඩුගං බලා යන මිනිස්සුත් ඉන්නවා තාමත්.... බොහොම සන්තෝෂයි අාත්තම්මේ...
දිරිය මැතිණියනි, " බොහෝ ශ්‍රේෂ්ඨ වැඩිහිටියන් මනසින් දියුණුවූ ළමයින් වැන්න " යනුවෙන් පඬිවරයෙකු කී කතාවක් මාහට සිහිපත් විය. වයස යනු අංකයක් පමණය. ලාභ සත්කාර සම්මාන වෙනුවෙන් උතුම්වූ බුද්ධ චීවරය විකුණාගෙන කන කලෙක ඔබතුමිය වැන්නන් දැකීමත් විරලය. ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා. සියලු සිතුම් පැතුම් ඉටුවේවා ..!!! නිදුක් නිරෝගී වේවා ... !!!
උපාධිය සමත්විමට ධෛර්ය ශක්තිය ලැබේවා !.....
ආත්තම්මාට ජය...!!!
මේ පින්වත් අම්මාට ධර්මය ඉගෙනගන්ට තියෙන උනන්දුව කොයිතරම්ද? උවමනාවක් ඇත්නම් ඒ සඳහා වෙලාවක්ද තියන බව මේ අම්මා අපට පෙන්නා දුන්නා. අම්මාට ගෞතම සම්මා සම්බුදු සසුනේදීම ධර්මය අවබෝධවන දිනය වැඩි ඈතක නොවේවා... !
ඇත්තෙන්ම දිරිය මවක්. සියලු ජනතාවට මහඟු ආදර්ශයක්. මෑණියනි, ඔබතුමියට දීර්ඝායුෂ හා සුවබර ජීවිතයක් පතමි. ඔබතුමිය බලාපොරොත්තු වන උසස් අධ්‍යාපනය සියලු අතින්ම සාර්ථක වේවා! ඔබතුමියගේ වටිනා ආදර්ශයෙන් අනිකුත් පුද්ගලයන් ද අධ්‍යාපනයට හා තම හැකියාව දියුණු කර ගැනීමටත්, එමගින් රටට සේවයක් කිරීමටත් උනන්දු වේවා!