(අජන්ත කුමාර අගලකඩ)
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධුරයෙන් ඉල්ලා අස්වූ අනූෂ පැල්පිට මහතා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත.
ශි‍්‍ර ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන පැල්පිට මහතා රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාෙවි අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කලක් කටයුතු කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉබ්බා දියට දැම්මා වගේ...
කාටද ඉතින් ආඩම්බර? කරපු දේවල් උසාවි වල නම් කියවුණා...
හිරේත් හිටියා නේද? බන්ධනාගාර ලේකම්කම ගත්තා නම් හොඳයි. අත්දැකීම් තියෙන අයනේ පත්කරන්න ඕනෑ..
සිංහල ජන ව්‍යවහාරයේ තියෙනවා කියමනක් " නරියාට කුකුල්ලු බලාගන්න දුන්නා වගේ.. " කියලා. තව එකක් තියෙනවා " වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් මොන කජ්ජක්ද..." කියලා. මේ රට නැති කරන්නම උපන් කාලකන්නි අමනයින්. හැබැයි ලෝක ධර්මය කැරකෙනවා.. කරත්තයේ බැන්ද ගොනා පසුපස කරත්ත රෝදය එනවා වගේම.. අපරාධ කාරයා පසුපස දඬුවම එනවා. අද නොවෙන්න පුළුවන්.. සමහරවිට හෙට...නැත්නම් අනිද්දා...!!!
ඉල්ලා අස්වීමේ ලිපියේ තිබුණා විශ්‍රාම සුවයෙන් කල්ගත කරන්න යන්නේ කියලා... දැන් ඉබ්බා දියට දැම්මා වගේ වැඩක් වුණේ. ලොතරැයි මණ්ඩලය නේ...
මෙයා විද්වතෙක් නිසා ගණකාධිකාරවරයාට සොයාබලන්න තහනම් ආයතනයක් බාරදුන්නාට කමක් නැහැ. නියම විදිහට පරිපාලනේ කරයි. මේ සැරේ සිල්රෙදි විතරක් නොවේ... සිලුත් බෙදයි.
බයි තරුණ ප්‍රජාවගෙන් අහන්නේ "දැන් සනීපද?" හැමදාම ඔය එවුන්ම තමයි ඉන්නේ..
නියම පත්වීම්... දෙයියෝ සාක්කි එකට දාන්න බැරිද?
සිල්රෙදි වගේද ලොතරැයි...?
දැනුයි හොරේ තේරුනේ.., කර්මාන්ත ලේකම්කමින් ඉවත් වුනෙ ඇයි කියලා....