IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අනුෂ්ක දිල්හාරට විභාගයට පෙනීසිටීමේ අවසරය

(අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර නගරය  මෙම වෙසක් පෝය දිනට පසුදිනදී ඡායාරූප ගත කළැයි කියන රිමාන්ඩ් භාරයේ සිටින තරුණයන් තිදෙනා සම්බන්ධ නඩුව කැඳවූ අවස්ථාවේදී තුන්වන සැකකාර අනුෂ්ක දිල්හාර කළුපහන යන අයට නියමිත සබරගමු විශ්වවිද්‍යාලයේ  විභාගය සඳහා පෙනීසිටීමේ අවසරය ලබාදෙමින් එම සැකකරු බන්ධනාගාරය මගින් අදාළ විභාගයට ඉදිරිපත්  කරවන ලෙස රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂීණී පෙරේරා මහත්මිය නියෝග කළාය.

මෙම නඩුව ජූලි 01 දින අධිකරණයේ යළි කැඳවීමටත් එදින තෙක් තවදුරටත් සැකකරුවන් තිදෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත් මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය. 

මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර පත් සැකකාර තරුණයන් තිදෙනා වූයේ මොහොමඩ් නශීර් මොහාමඩ් නෆ්රාත්, මොහොමඩ් පවුස් මොහොමඩ් අවුසාන්, යන මුස්ලිම් ජාතික තරුණයන් දෙදෙන සහ කේ. අනුෂ්ක දිල්හාර කළුපහන යන අයයි.

මෙම නඩුවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනීසිටි ගාමිණී රත්නායක, ප‍්‍රියංකා ගුණවර්ණසූරිය, කිත්සිරි අරඹේවත්ත යන නීතීඥ මහත්ම මහත්මීහු සබරගමු විශ්වවිද්‍යාලයේ පැවත්වෙන විභාගයක කාලසටහන  සහ විභාග අපේක්‍ෂක ලේඛනයන් අධිකරණයට ඉදිරිපත් කරමින් තුන්වන සැකකරු සඳහා එම විශ්වවිද්‍යාලයේ විභාග පරීක්‍ෂණයකට  මේ මස 30 දින පෙනී සිටිය යුතුබවට කරුණු දක්වමින් එම සැකකරුට අදාළ විභාගයට පෙනීසිටීමේ අවස්ථාව ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම ඉල්ලීමට ඉඩ ලබාදෙමින් මහේස්ත‍්‍රාත්වරිය විසින් නඩුවේ තුන්වන සැකකරුවූ අනුෂ්ක දිල්හාර යනඅය බන්ධනාගරය මගින් එදිනට එම විශ්වවිද්‍යාලයේ පැවත්වෙන විභාගයට ඉදිරිපත් කිරීමට නියම කලේය.

මෙම නඩුවේ පැමිණිලි පාර්ශවය වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වූ රත්නපුර පොලිසියේ අපරාධ අංශයේ උප පොලිස් පරීක්‍ෂක ජයතිලක මහතා නඩුවට අදාළ රස පරීක්‍ෂක වාර්තා සහ නිතීපති උපදෙස් ලැබී නොමැති බවත් අධිකරණයට දන්වා සිටි අතර අදදින (24) රත්නපුර පොලිසියේ නිලධාරයකු නිතීපති උපදෙස්  තොරතුරු ලබාගැනීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙත ගොස් ඇතිබවත් අධිකරණය හමුවේ පැවසීය.
 



අදහස් (6)

අනුෂ්ක දිල්හාරට විභාගයට පෙනීසිටීමේ අවසරය

සෙනෙවිරත්න Monday, 24 June 2019 01:15 PM

මොනවද මේ විහිළු..? මේ කොල්ලන් රත්නපුර නගරය වීඩියෝ කරලා මක්කරන්නද?

:       54       150

MaheeMonday, 24 June 2019 10:09 PM

එහෙම කියන්න එපා සෙනෙවි. නගරයක් ඡායාරුප ගත කරලා ඒ වගේ නගරයක් අලුතෙන් හැදුවොත් එහෙම, අපේ බුද්ධිමය දේපල නැතිවෙනවනේ.

:       0       0

NuwanTuesday, 25 June 2019 04:41 AM

හෙල්මට් නොදා බයිසිකල් පැද්දත් කමක් නැහැ වීඩියෝ කරලා අහුවෙන්න එපා

:       0       0

RayoerTuesday, 25 June 2019 06:28 AM

ඩ්‍රෝන් යවන්න තහනම් කරලා තියෙද්දි ඩ්‍රෝන් වලින් වීඩියෝ කලේ මොකටද? නීතිය විහිලුවක්ද?

:       0       0

ලුම්බිණි Tuesday, 25 June 2019 01:09 AM

මේක තනිකරම බොරු වැඩක්.

:       0       0

KANDEPOLA Tuesday, 25 June 2019 04:34 AM

බෝම්බ පුපුරන බව දැන දැනත් අහිංසක මිනිස්සුන්ව බිල්ලට දීපු පාලකයෝ නිදැල්ලේ. ඡායාරුපයක් ගත්තු තරුණයෝ ඇතුලේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site