(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර ශික්ෂණ රෝහලේ සරප් නිලධාරියාගේ කාර්යාල කාමරයේ ලිපි ගොනු කිහිපයකට ගිනි තබා ගණකාධිකාරිවරයාගේ මුදල් සෙප්පුව කඩා එහි වූ රුපියල් 6,300,000ක මුදලක් අද(03) සොරා ගෙන ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
රෝහලේ සනීපාරක්ෂක කම්කරුවන් විසින් ගණකාධිකාරිවරයාගේ නිලකාමරය සහ සරප් කාර්යාලය සුද්ධ පවිත්‍ර කිරීමේදි සරප් කාමරයෙන් දුමක් පිටව යනු දැක ඒ පිළිබඳව රෝහල් පොලිසියට දන්වා ඇත.
පරීක්ෂා කිරීමේදී එහි ලිපි ගොනු කිහිපයක් ගිනි ගෙන තිබූ බව පොලිසිය කියයි.
ගණකාධිකාරිවරයාගේ කාමරය පරීක්ෂා කිරීමේදී එහි තිබු මුදල් සේප්පුව විවෘත කර තිබූ බවත් එහි තිබු මුදල් කිසියම් පිරිසක් විසින් සොරා ගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝහල් අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා කියාසිටියේය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
හොරකම සහ ලිපිගොනු ගිනිතැබීම යන කරුණු දෙකේ සම්බන්ධයක් ඇති..
පිටින් ආපු හොරු නම් මොකටද ලිපිගොනු ගිනි තියන්නේ, මේක ඇතුලේ ගේමක්..
සරප් ගේ වැඩක්... අැයි බැංකුවේ නොතිබ්බේ..
හොරා ඉතින් සරප් එයාම තමා.... ලක්ෂ 63ක් තමන් ළඟ තියාගෙන ඉන්නේ ඇයි? බැංකුවේ නොදමා අනික හොරු ෆයිල් ගිණි තියන්නේ ඇයි?
රජයේ නැත්නම් මහජනතාවගේ මෙපමණ මුදලක් රෝහලේ ගණකාධිකාරිවරයාගේ සේප්පුවේ තබාගත්තේ කුමටද? මෙහි කිසියම් වංචාවක් සිදුව තිබෙන බවක් පේනවා. මේ රටට නිදහස ලැබීමට පෙර දිසාපතිවරුන්ට නම් මෙලෙස මුදල් රඳවා ගැනීමට හැකියාවක් තිබුණත් වෙනත් කිසිම රාජ්‍ය නිලධාරියෙකුට එලෙස තබාගැනීමට හැකියාවක් තිබුන බවක් අසා නැහැ... මෙම මුදල සිකුරාදා හවසත්, සෙනසුරාදා දිනත් එකතු වූ මුදලක් ලෙස ගණකාධිකාරි පැවසිය හැකි වුවත් රජයේ රෝහලකට එතරම් මුදලක් ලැබීමට හේතුවක් නොමැති විය හැකි අතර ඉතා දියුණු බැංකු ක්‍රමයක් තිබියදී මෙවැන්නක් සිදුවීම මුදල් පැහැර ගැනීමටම සිදුකළ ක්‍රියාවක් බව පැහැදිලිය.
මෙතරම් මුදලක් ලඟ තබා ගැනීම ගැන පළමුව පරික්ෂා කොට වහාම දඬුවම් දියයුතුයි. අනිත් අතට මුදල් සොරා ගන්න ඇත්තේ මේතරම් මුදලක් තියෙන බව දන්නා අයෙක්.. බොහෝවිට මේ දෙකටම වැරදිකරු එක්අයෙක් විය හැකියි.. මෙවන් මහජන දේපල සොරාගැනීම් වැනි දේවල් නොවන්නට උපරිම දඬුවම් නඩු කල්මරන්නේ නැතුව දිය යුතුයි.. අපේ ප්‍රසිද්ධ නඩු උසාවිවල පල්වෙවී කල් යන එක තමයි ප්‍රවෘත්තිවලින් බොහෝවිට පෙනෙන්නේ.. එ්ක අපරාධ වැඩිවෙන්නට බලපාන දෙයක්... මොකද වැරදිකරුවන් නිදැල්ලේ සිට තවත් මහ අපරාධ වැරදි කරන නිසා...
ලක්ෂ 63ක් සේප්පුවේ තබාගත්තේ කුමන හේතුවකටද?
මෙච්චර මුදලක් බැංකු සේප්පුවකවත් අනාරක්ෂිතව ගොඩ ගහගෙන ඉන්නේ නැහැ. මෙතන අනිවාර්යයෙන්ම ඇතුළතින් තොරතුරක් හෝ උදව්වක් නැතිව මෙහෙම දෙයක් සිදු වුණා යයි හිතන්න අමාරුයි. කොළඹ මහරෝහලේවත් මෙහෙම මුදල් ගොඩ ගැහෙන්නේ නැතිව ඇති. හොරු කොහොමද මෙතරම්ම මුදලක් සේප්පුවේ ගොඩ ගැහෙන දවස හරියටම දැනගත්තේ?
මේ කෝලාහල, ගිනිතැබීම්, ගොඩනැගිලි විනාශ කිරීම් පිටුපස දේශපාලන සංවිධාන ඇති කියලයි දැන් දැන් හිතෙන්නේ. ඒ අය නීතියේ රැහැනට හසු නොවූවද, ස්වභාවධර්මය විසින් විපාක ඵල දෙනවා ඇස් ඉදිරිපිටම. කර්මය පසුපස එලවනවා අපට පෙනිපෙනීම..
කැඩුවට වෙන්න බැහැ.. යතුරින් අැරියා වෙන්න පුළුවන්. අයකැමිතුමාට තමයි වගකියන්න වෙන්නේ... ඩුවල් කන්ට්‍රෝල් නෙවේ නම්..
ලේසිම වැඩේ තමයි හොරා ජරා වැඩකරලා කාට හරි කියලා මෙහෙම ලිපිලේඛන වංචා කරන එක... රජයේ නිලධාරියෙකුගේ වගකීම නේද රජයේ දේපල ආරක්ෂා කිරීම... ඒ සඳහා අතිකාල දීමනා නොයෙක් දීමනා ගන්න කට්ටියත් ඇති නේද? මේ වගේ හොරුත් එල්ලුම් ගහේ යැව්වේ නැත්නම් රටම ඉවරයි.
මේ තරම් මුදලක් ගෙනත් සේප්පුවේ දාලා තියන්න ඇත්තේ ගන්නම හිතලා වෙන්න ඇති...
බය නැතිව කියන්න මුදල් සොරා ගත්තේ මියගිය නැයෙකුගේ සොහොන් ගෙය හදන්න කියා ඒ සමගම අත්අඩංගුවට නොගන්න කියා උසාවි නියෝගයක් ගන්නත් අමතක කරන්න එපා .. නීතිය සැමට සමානයි කියනවනේ .
මේක සැලසුම් සහගතව කල වංචාවක්. ඔතන ලක්ශ 63ක් තියෙන්න බෑ. දිනපතා ටික ටික හොරකම් කරල එකවුන්ට් එක බැලන්ස් කරනකොට අඩුව අහු වෙන නිසා ලිපි ගොනු ගිනි තියලා 630000.00ක් හොරකම් කරලා කියනවා. එයාගෙ ගාන පිලිගන්න වෙනවා ලිපි ගොනු නැති නිසා. අනේ අපේ ලංකාව. තාම පොත් වල ගණන් ලියනවද? සෞඛ්‍යය ඇමතිතුමනි රෝහල් වලට පරිගණක ලබා දෙන්න.