(දයාරත්න ඇඹෝගම)
 
අනුරාධපුර නගරයට ඇතුළු වන මාර්ග සියල්ල ආවරණය වන පරිදි වාහල්කඩ හතරක් ඉදි කිරීමට තීරණය කර ඇත.
 
ඉඩම් අමාත්‍ය එස් .එම් චන්ද්‍රසේන මහතාගේ යොජනාවක් අනුව මෙම වාහල්කඩ හතර ඉදිකිරිමට පියවර ගෙන තිබේ.
 
මේ අනුව පුත්තලම-ත්‍රිකුණාමලය මාර්ගය,අනුරාධපුර-ඇල්ල මාර්ගය,අනුරාධපුර-නුවර මාර්ගය හා අනුරාධපුර-යාපනය මාර්ග මගින් අනුරාධපුර නගරයට පිවිසෙන ස්ථාන හතරේ මෙම වාහල්කඩ හතර ඉදිකිරිමට නියමිතය.
 
වසංගත රෝග පවතින අවස්ථාවන්හිදි සහ වෙනත් ආරක්ෂක අවස්ථාවන්හිදි අනුරාධපුර නගරයට පිවිසෙන හා පිටව යන පුද්ගලයන් පිළිබද නිරික්ෂණය කිරිම මෙම වාහල්කඩ හතර  ඉදිකිරිමේ අරමුණවි තිබේ.
 
වහල්කඩ හතර ඉදිකිරීම සදහා   මූලික සැලසුම් සකස් කිරීමට ජාතික භෞතික සැලසුම්  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන් පිරිසක්

අද (15) එහි නිරික්ෂණ චාරිකාවක නිරත  වු අතර ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ  කිරිමට  අමාත්‍ය වරයා නිලධාරීන් ට මෙහිදි උපදෙස් ලබා දුන්නේ ය.