(දයාරත්න ඇඹෝගම)
ලංකාවටම රැකියා දෙන්නේ ලක්ෂයයි. සමහර පුද්ගලයන් මේවන විට අනුරාධපුරයටම රැකියා ඉල්ලුම් පත්‍ර ලක්ෂ දෙකක් පමණ බෙදා දී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (26) මිහින්තලේදී පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා මෙසේද පැවසීය.
‘‘දෙන්න ඉඩමක් නෑ, ඉඩම් බෙදනවා කියලා ලැයිස්තු හදනවා.තව කට්ටිය සමිති වලට පුටු බෙදනවා, තව අය කියනවා ඊළග ආණ්ඩුවේ අහවල් ඇමති මම කියලා, තව අය කියනවා මම තමා අහවලාගේ නියෝජිතයා කියලා.
මේ සේරම කරන්නත් අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ හත් දෙනෙක් පාර්ලිමේන්තු යවන්න අවශ්‍ය ඡන්ද ටික හදලා ඉන්න ඕන නේද? ඒ ටික හැදුනම නේද කවුද යවන්න ඕන කියලා හිතන්න ඕන.
මිනිස්සු රවට්ටන අය පාර්ලිමේන්තු ගියාට රට හැදෙන්නේ නෑ. ඉස්සරලම රට හදන්න හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තු යවන්න පදනමක් අපි හදා ගන්න ඕන. ඊට පස්සේ ගෝඨාභය මහත්තයාගේ මතවාදයේ හිට ගන්න පිරිසක් පාර්ලිමේන්තු යවන්න පුළුවන්.ඊට පස්සේ අපි ජීවත් වෙන කාලයේ මේ රටේ වෙනසක් දකින්න පුළුවන්.
ගෝඨාභය මහත්තයා ජනාධිපති වුණා කියලා එතුමා මැජික් කාරයෙක් නෙමෙයි. මේ රට වෙනස් කරන්න.ඒ සඳහා අපි එතුමාට උදව් කරන්න අවශ්‍යයි.එතුමා බලාපොරොත්තු වෙන වෙනස්කම් ටික කරන්න ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපි හදලා දෙන්න ඕන.
මේ රටේ වෙනස් කළ යුතු බොහෝ දේ තියෙනවා.එකතු කළ යුතු බොහෝ දේවල් තියෙනවා. අයින් කරන්න ඕන දේවල් බොහෝමයක් තියෙනවා.
සමහර නීති පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන.නායකයාට ඕනකම තිබුණට විතරක් මේවා කරන්න බෑ.සමහර නීති තියෙන්නේ සුද්දාගේ කාලේ ඒවා.අපේ පාරවල් කාපට් වෙලා, ගුවන් පාලම් හැදිලා තියෙනවා, එඅධිවේගී මාර්ග හැදිලා තියෙනවා. හැබැයි තාමත් අපේ පාරක වේග සීමාව පැයට කිලෝ මීටර 80 යි,
ගම් පාරවල් වලත් 80 ට වඩා යනවා.තාම රටේ නීතිය තියෙන්නේ 80 යි.මේවා වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ 2/3 ක බලයක් තියෙන්න ඕන.
පහුගිය කාලවල මැතිවරණයක් අපි දිනුවම පැරදුන අයව ගණන් ගත්තේවත් නෑ, පැරදුන කෙනා කොන් වෙනවා.දැන් එහෙම කරන්න බෑ.දෙකට බෙදිලා හිටිය පක්ෂවල නායකයෝ දැන් එකතු වෙලා සන්ධාන හදලා තියෙනවා.
ඉතිහාසයේ ඉඳන් අපේ පුරුද්ද තිබුණේ අපි ආණ්ඩුවක් හදා ගත්තම උදව් නොකරපු එකෙකුට ලං වෙන්න දෙන්නේ නෑ.ඇයි තහඩු ටික, කොන්ත්‍රාත් ටික, රැකියා ටික, අපිටම ගන්න.
අපි රටක් විදිහට විනාශය කරා යනවා මිසක් සංවර්ධනයකට යන්නේ නෑ.මේ දේශපාලන බෙදීම මැතිවරණ කාලයට පමණක් සීමා කරලා රට හදන කණ්ඩායම විදිහට හැමෝම එකට අත්වැල් බැඳ ගත්තොත් හැමෝම මේ කඳවුරේ සාමාජිකයෝ කර ගත්තොත් අපිට ලේසියෙන්ම පාර්ලිමේන්තුවේ බලය ලබා ගන්න පුළුවන්‘‘ යැයි දුමින්ද දිසානායක මහතා මෙහිදි පැවසිය.
COMMENTS
මේ ලක්ෂ දෙකක් ඉල්ලුම්පත්‍ර අරගැනීමෙන් පෙනෙන්නේ මෙයාලා පාලනය කළ කාලයේ රැකියා නැත්තවුන් ලක්ෂ දෙකක් හෝ ඊටත් වැඩියෙන් ඉඳිද්දී මේ උදවිය තීරුබදු රහිත වාහන වලින් රජයේ වියදමින් බාල් නැටූ බව නොවේද?
ඡන්ද වැඩට ලක්‍ෂ දෙකක් උඩින්ම... කල්ල මරේ තමයි.
බිල්ඩිම අරගත්තේ මෙයාද?
සබීතා බිල්ඩිමෙන් කීයක් ගත්තද කියනවාද? කෘෂිකර්මය දියුණු කාලේ කොහොමද කියලා පැහැදිලි කරන්න බලන්න.
කියන්නේ එකක් කරන්නේ තවෙකක්... අපි බබ්බුද?
මෙයා බිල්ඩිමට බිල දාන පරක්කුවෙන් සල්ලි ගෙවන්න සූත්තර පුංචා ලැහැස්තිවෙලා හිටියා. මේ කවුරුත් එකට තමයි ඒවා කලේ. අපිට පෙනෙන්න එළියට ඇවිත් ගහගන්නවා...
කලබල වෙන්න එපා මහත්තයෝ.. ජනතාව දන්නවා කාවද ඊළඟ පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ කියලා. ඔය දාර්ශනික අදහස් පලකරන ඔබ පහුගිය කාලේ ක්‍රියාකළ අකාරය ජනතාවට අමතක නෑ. කෘෂිකර්ම ඇමැතිවෙලා ඉන්නකොට අඩුම තරමින් තමන් ඉන්න පළාතේ ජනතාවට මොනවද කලේ? සබීතාගේ බිල්ඩිමට කුලී ගෙව්ව එක හැර...
20000, ලක්ෂ 2 වෙලා... මෙයා ගමයාගේ ගෝලයෙක්නේ... ඒ නිසා නිදහස ලැබිලා අවුරුදු 30යි වගේ මෙයාලට 20000 පේන්නේ ලක්ෂ 2 වගේ.. අංක ගණිතය දන්නේ නැහැ...!!!
මෙයා අංක ගණිතය දන්නේ නැහැ... ගමයාගේ ගෝලයෙක් නේ...
ඒ කියන්නේ පාරේ වේග සීමා වැඩිකරන්න 2/3 බලය ඕනද? රට හදන්න එක කොහොම වුනත්, සබීතා ගොඩනැගිල්ලෙන් මෙයා ගොඩවුණා.
ඡන්දෙට ඉස්සෙල්ල කියපු දේවල් හැටියටනම් අපි හිතුවේ ගෝඨා මැජික් කාරයෙක් කියලා තමයි.
පරිභෝජන කෘෂිකර්මයෙන් සහ වන්දනාකරුවන්ගේ පිහිටෙන් දිවි ගෙවා ගන්න අනුරාධපුර ජනතාවට රැකියා ලක්ෂ දෙකක් දෙන්න පොරොන්දුවෙනවට වඩා ඒ පළාතේ තියෙන ආදායම් මාර්ග දෙක වැඩි දියුණු කරන්න උදව් උනානම් කොච්චර නම්බුද? කෘෂි ආර්ථිකය වී වලටම කොටු කරන්න හදන මෝඩ පාලකයින්ට නොතේරෙන දෙයක් තමයි රටේ මිනිසුන්ට බත්ම ගිල්ලවලා මදි, පලතුරු හොඳ එළවලු වගේ දේවලුත් කවන්න පුරුදු කරන්න ඕනේ කියන එක. එළවලු පලතුරු වැඩිපුර පරිභෝජනය දියුණු කරන මගක් අපේ පෝෂණ වේදියෝවත් අර බයිලා ගහන දොස්තර සමිතියවත් මිනිසුන්ට කියා දෙන්නේ නැහැ. මිනිස්සු ලෙඩ නොවී ඉන්න එකට අකමැති ඇති.
සබිතගේ බංගලාව එකතු කරන්න වෙනවා, පොහොර සහනාධාර අයින් කරන්න වෙනවා, ඕක නේද කියන්න ඕනේ.
කිසිඳු පක්ෂයකට හෝ කණ්ඩායමකට 2/3 බලයක් දීම සුදුසු නොවන බව මගේ අදහසයි. මේ රට පාලනය කිරීමට බහුතර බලය හොඳටම ප්‍රමාණවත්... 2/3 බලයදීම් මගින් ජනතාවට අහිතකර අණපනත් සම්මත කරගන්න ඉඩ තිබෙනවා. රට අරාජික වෙනවා.
අනුරාධපුරේට ලක්ෂ 2ක් නම් ලංකාවටම ඉල්ලුම්පත් කෝටි 2ක් වත් බෙදන්න ඇති.... මේක තමයි ලංකාවේ ඡන්ද දායකයින් රවටන දේශපාලනේ...
සහෝදරවරුනි, කවුරු මොනවා දුන්නත් ගන්න නැතිනම් ඒ අය අමනාප වෙයිනේ. ඡන්දෙ දවසට ඔබේ සුදුසු තීරණය ගන්න මැකොට මේවා අල්ලස් වගේ නොපෙනෙනවද?
2/3 දුන්නොත් මුළු ලංකාවම ඉවර කරලා අලුත් ලංකාවක් හදනවා කියයි.
මාර්ගවල උපරිම වේගය 70යි. කවද්ද 80 කලේ? තාම පුවරුවල තියෙන්නේ 70. මෙතුමා ඉතින් වාහනයක් එලවන්නේ නැති නිසා ඕවා දන්නේ නෑ. මොනවා කරන්නද? මහාචාර්ය චන්න ජයසුමනටයි, උද්දික ප්‍රේමරත්නටයි ඡන්ද කැඩුණාම මෙතුමාට ජාතික ලැයිස්තු පිහිට තමයි.