
(චාපා මධුභාෂිණී)
හබරණ හතරැස්කොටුව ප්‍රදේශයේ අවුරුද්දයි මාස 10 පමණ කුඩා දියණියක , අලුතින් කපන ලද ජලය පිරුණු වළකට වැටී මියගොස් ඇතැයි හබරණ ගල්ඔය පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ අංක 138, මහ මොරකන්ද, හතරැස්කොටුව ගල්ඔය හන්දිය ලිපිනයේ පදිංචි ආර්.ඒම් භාග්‍යා රස්සම්නි බණ්ඩාර නමැති දියණියකි.
පවුලේ දරුවන් තිදෙනෙකු වන අතර ඇය පවුලේ බාලම දරුවාය.
මෙම දියණිගේ මව පසුගියදා ඇගේ සොහොයුරියගේ නිවසේ මෙම දැරිය නවත්වා මව කිසියම් කටයුත්තකට නිවසින් පිටව ගිය අවස්ථාවක දිණියගේ ලොකු අම්මා ඇයව කිහිප අවස්ථාවකම නිදි කරවීමට උත්සහ කර ඇත.
එහෙත් අවස්ථාවන් තුනදීම ඇය නැගිට සෙල්ලම් කිරීමට ගොස් ඇත. පසුව ලොකු අම්මාට නිනිද් ගිය අවස්ථාවක මෙම දියණිය නිදා සිටි කොට්ටද රැගෙන සෙල්ලම් කිරීමට නිවස පිටුපසට ගිය අවස්ථාවේ ජලය පිරුණු මෙම අලුත් වැසිකිලිවලට මෙම දැරිය වැටී ඇත.
පසුව මෙම දැරිය නිවස තුළ නොසිටීම හේතුවෙන් ඥාතීන් දැරියව සොයා බැලීමේදී ඇය මෙම අනාරක්ෂිත වලට වැටී සිනු දැක ගොඩට ගෙන හබරණ රෝහලට ඇතුළත් කර ඇත.
.සිද්ධිය සම්බන්ධයෙන් හබරණ ගල්ඔය පොලිසියේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක ජි.ජි.සී ජයතිස්ස මහතා ඇතුළු නිළධාරීහු වැඩිදුර පරික්ෂණ සිදු කරති.

COMMENTS
ඇත්ත කතාව නූගත් කම නිසා ඇති උන නොසැලකිල්ල . මේක ඒ මිනිස්සුන්ගේ වරදක් නෙමේ අසරණ දැරිය පව්
දැරියගේ ආරක්ෂාවට වඩා ලොකු අම්මාට නින්ද ලොකු වුණා. විශ්වාසයක් තැබිය නොහැකි, වගකීම් රහිතව කටයුතු කරන අයට දරුවන් බාර දෙන්න හොඳ නෑ. අපරාදෙ සෙල්ලක්කාර අහිංසක දැරියකගේ ජීවිතය නිකන්ම නැති වුණා.
මේ වගේ අනාරක්ෂිත වතුර පිරුණු වලවල් ලී වැටක් යොදා වසා නොදැමීමේ වරද? මහලොකු වියදමක් යන්නේ නැහැනේ... ලණු කැරැල්ලක් සහ කෝටු කැබැලි කීපයක් විතරයි ඕනේ.. පව් අහිංසක දරුවා. මෙවැනි සිදුවීම් වලින් අනෙක් උදවිය පාඩම් ඉගෙන ගත යුතුයි. එක විනාඩියක් ඇති ලොකු විනාශයක් වෙන්න.