(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හෝමාගම මාකුඹුර කුලතුංග මාවතේ කුලි නිවසකදී 26 හැවිරිදි අනියම් සැමියාගේ ගෙල වයරයකින් සිරකර ඝාතනය කිරීමේ සිද්ධිය ක් සම්බන්ධයෙන් හතළිස් එක් හැවිරිදි දෙදරු මවක් (24) දා අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මාතර දෙයියන්දර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අවිවාහක පුද්ගලයකු බව පොලීසිය කියයි .
වසර පහක පමණ සිට පැවති අනියම් ප්‍රේම සබඳතාවකින් විරසක වි හෝමාගම ප්‍රදේශයේ කුලි නිවසක රහසිගතව පැමිණ ජීවත්ව සිටියදී මියගිය පුද්ගලයා එම නිවසට පැමිණ ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙසේ ඩේටා වයරයකින් ගෙල සිරකර ඝාතනය කර තිබුණි .
සිද්ධියෙන් පසුව සැකකාර කාන්තාව කොට්ටාව පොලිසියට භාර වී ඇති අතර පසුව හෝමාගම පොලිසිය මගින් සැකකාරියන් අත්අඩංගුවට ගෙන තිබුණි.
සිද්ධිය වූ ස්ථානයට නුගේගොඩ කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණ ආයතන නිලධාරීන් හා හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් තුමිය පැමිණ ස්ථානය පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙන යන ලෙස පොලිසියට නියෝග කලාය.
ඒ අනුව සිද්ධියට සම්බන්ධව කැකිරාව ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි දෙදරු කාන්තාවක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
හෝමාගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
665
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
322
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අනියම් සැමියා ඝාතනය කළ කාන්තාවක් පොලීසියට බාර වෙයි