
ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතයට සුදුසු යැයි නිර්දේශ කළ ඕනෑම 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නතකට තමන් අනුමැතිය ලබා දෙන බව ඇමෙරිකානු ජාතික වසංගත රෝග පාලනය සහ වැලැක්වීමේ සී.ඩී.සී. ආයතනය නිවේදනය කර තිබේ.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබූ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත් ඕනෑම විදේශිකයකුට නිරෝධායනයට ලක් නොවී ඇමෙරිකාවට පිවිසීමට අවස්ථාව ලැබේ.
ඇමෙරිකා රජය මේ වනවිට චීනය, ඉන්දියාව, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් රැසක් ඇතුළු රටවල් 33 කට පනවා තිබූ සංචාරක තහනම ද ඉවත් කර ඇත. ඒ, පූර්ණ වශයෙන් එන්නත්කරණයට ලක්වුණු විදේශිකයන් සදහා වෙනුවෙන් එරට විවෘත කරමිනි.
මේ වනවිට හදිසි භාවිතයට සුදුසු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී ඇත්තේ ෆයිසර්, මොඩර්නා, ජොන්සන් ඇන්ඩ් ජොන්සන්, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම් සහ සිනොවැක් යන එන්නත් සදහා පමණි.
(රොයිටර්)
COMMENTS
ප්‍රශ්නය විසඳීම සතුටට කරුණක්.. මේ නිසා අප ඇතුළු ලොව ඇතැම් රටවල ජනතාවට කිසියම් සහනයක් ලැබේවි. ..!!!
සයිනොෆාම් විරෝධීන්ට මොනවා වෙලා ඇතිද මේ වෙනකොට...?
නව සාමාන්‍යකරණය යටතේ ලෝකයම විවෘත වෙමින් පවතියි. එන්නත්කරණය තමයි දැනට ඇති එකම දෘෂ්‍ය විසඳුම. තව තව ප්‍රතිකාර ක්‍රම ඉදිරියේ දී ඒවි. කොරෝනා තමන්ට අවශ්‍ය දේ කර නික්ම යාවි...
ඇමරිකාව කියන්නෙ ලිබරල් ප්‍රජාතන්ත්‍රවදී රටක්. අරයගෙ මෙයාගෙ ඇරියස් නෙවෙයි නියම විද්‍යාත්මක පදනමක් ඇතිව ස්වාධීන තීරන ගන්න ආයතන තියනවා. ඕක නොතේරෙන ගොබ්බ සමාජවාදියො, ලිං මැඩියන් නිසා ලෝකෙම විනාස වෙනවා. පවු.
එතකොට ස්පුට්නික් ගත්ත අයට බැරිද?
බඩුත් හාමුදුරුවන්ගේ... නඩුත් හාමුදුරුවන්ගේ...
කැනඩාවත් එහෙම කරයි කියලා බලාපොරොත්තු වෙනවා...