අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ - කොටුව ලෝටස් පාර අසල දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් එල්ල කරන ලදී.
මේ විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ - කොටුව අවට දැඩි වාහන තදබදයක් හටගෙන තිබේ.
(28535)







(ඡායාරූප - ලහිරු හර්ෂණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට ගහන්න ඕනේ කඳුළු ගෑස් නෙමෙයි. මේවා සනීප වැඩියි. හැමදාම මොකක හරි එල්ලිලා "මෝඩ" ළමයි ටිකක් කුලප්පු කරගෙන නටනවා. කාලයක්ම සයිටම් බදාගෙන දැඟලුවා. දැන් තව එකක් අර මහ එකෙක් "නවක වදය" දෙන්න ගිහින් හිරේ... හැබැයි ඔය ඔක්කොම කැම්පස් ඉන්නකම් විතරයි, පුළුවන් නම් ඔබම පෙන්නපල්ලා... අන්තරේ හිටියේ මොන නායකයාද "අවුට්" වුණාට පස්සේ "සමාජ වාදය කෙරුවේ? ඔහොම නටපල්ලා තවටික කාලයක්... බලමු මොකද වෙන්නේ කියලා...? ශිෂ්‍යයින්ගේ සාධාරණ අරගල වෙනයි (අපිත් ඒ තැන්වල හිටියා.., අදටත් ඉන්නවා) නමුත් මේ හරක් පැටවුන්ට තියෙන්නේ වෙනම න්‍යාය පත්‍රයක්...
නවක වදයට විරුද්ධව වෙන්න ඇති මේ අහිංසක, උගත් දරුවෝ උද්ඝෝෂණය කරන්නේ... නැත්නම් අර රුහුණේද කොහෙද සරසවියක නොදරුවන් 19 දෙනෙක් තමන් නොකළ වරදවල්වලට අත්අඩංගුවට අරගෙන තියෙන හින්දා වෙන්න ඇති. කරුණාකරලා මේ අහිංසක අන්තරේ ඉන්න ළමයිගේ ඉල්ලීම් කොන්දේසි විරහිතව ලබාදෙන ලෙස අප දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටින්නෙමු. මක්නිසාදයත් කුරා කූඹියෙකුටවත් වරදක් නොකරන මේ අන්තරේ ඉන්න රතු හැට්ටකාරයින්ගේ ගොට්ටන්ට එසේ නොකළ වැරදි වලට දඬුවම් වැරදි සහගත බැවිනි.
දැන් විරෝධතා කරන්නේ නවකවදය දීමේ අයිතිය රැකගැනීමටද?
2015 ජනවාරි 15 පෙර කිව්වේ නම් අපි කදුළු ගෑස්, ජල ප්‍රහාර එල්ල කරන්න තියා හිතන්නේ වත් නැහැ කියලා. දැන් සනීපයි වගේ හැමදාම කාටද ගහන්නේ කියලා බලන් ඉන්නවා වගේ... අපිට මතකයි අර දත් දොස්තර මාධ්‍ය ඉදිරියේ පසුගිය අාණ්ඩුවේ කදුළු ගෑස් තිබුණු ප්‍රමාණය ගැනත් බණ කිව්වා අාපුම දවස්වල... දැන් කොහෙද හැංගිලා පව්....
මේ පෙරටු සහ ජේවීපී කරදරකාරයින්ගේ ඉවරයක් නැති බොරු විරෝධතා ඊළඟ ජනපතිවරණයෙන් පසුවවත් තුරන් වේවා...!!!
ජවිපය එපාවෙන්නේ මේ කාලකන්නි අන්තරේ හින්දා ... ළමයින්ගේ අධ්‍යාපනේ කනවා.
මම බැලුවේ රැවුල, කොණ්ඩේ කපලා පිළිවෙලකට ඉන්න කවුරුහරි මේ පින්තූරවල ඉන්නවද කියලා. ඒත් එක්කෙනෙක්වත් හොයාගන්න බැරිවුණා.
මේ සියලු දෙනාම ජීවිතාන්තය දක්වා කිසිම රජයේ රැකියාවකට නුසුදුසු කරමින් සිටින පිරිසකි.
කරුණාකර මේ උදවිය කිසිඳුරජයේ රැකියාවකට නුසුදුසු වෙන ලෙස අසාධුලේඛන ගත කරන්න. අපේ බදු මුදල් නාස්ති කරනවා මදිවාට ඉගෙන ගන්නා කෙනෙකුට වත් ඊට ඉඩක් නැහැ. රට වල පල්ලට යන්නේ මේ බුරු පැංචන් නඩත්තු කරන්න අපේ බදු මුදල් ඇතුළු රටේ කාර්යක්ෂමතාවත් අපතේ යන නිසා.... නිදහස් අධ්‍යාපනයක් දඩමීමා කරගෙන රට කනවා. පුළුවන් නම් පන්සලේ හරි හමන් විදියට පැවිදි කටයුතු කරගෙන ඉන්න පූජ්‍ය පක්ෂයට දානේ වේලත් නැති කරන්න. කෝ මේ මහනායක ඇත්තෝ? බුද්ධ චීවරයට නිග්‍රහ වෙනකන් ඉඳලා හරියාවිද? අපේ උසස් අධ්‍යාපනයයි, ශාසනයයි දෙකම ඉවරයි.