(යොහාන් භාසුර)
‘රුවන්පුර’ අධිවේගී මාර්ගයේ පළමු අදියරය ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ විය.
මෙහි සමාරම්භක උත්සවය අරලියගහ මන්දිරයේදී අන්තර්ජාලය ඔස්සේ පැවැත්විණි.
මෙහි ඉදිකිරීම් වසර දෙකහාමාරක් තුළ අවසන් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී පැවසීය.
මෙහි පළමු අදියර දක්ෂිත අධිවේගී මාර්ගයේ කහතුඩුව හුවමාරුවේ සිට ඉංගිරිය දක්වා කිලෝමීටර 24 ක පමණ ප්‍රමාණයක් ඉදිකෙරේ. එහි දෙවැනි අදියර ඉංගිරි සිට රත්නපුරට ද, තෙවැනි සහ අවසන් අදියර රත්නපුර සිට පැල්මඩුල්ලට ‘රුවන්පුර’ අධිවේගී මාර්ගය ඉදිකිරීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වෙලාවේ දැවෙන අවශ්‍යතාවය අධිවේගී මාර්ග සහ තෙල බස්සවා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය ජිම් 500ක්ද නැත්නම් වසංගත නිවාරණයද ? වැඩියෙන් ගැහිල්ල ඇති තැනටද හෝයියාව කියල අහනවා නෙවේ ඔන්න.
මේ දේශපාලන රංගන කවදා වෙනකල්ද ඇත්තටම? පුතාට පුටුව අරන් දෙන්නනේ මේ හැටි ඔට්ටු වෙන්නේ... නැතිව රටේ මිනිස්සුන්ට යහපතක් වෙන්නද? උකුණු ඔලුවක් තරම් මොලයකුත් ඇති මේකේ ඇත්ත සිදධිය තේරුම් ගන්න. එයාලගේ වාසනාවට අපේ අවාසනාවට මේ රටෙන් භාගයක් කන්නේ තණකොළ.. බොන්නේ පුන්නක්කුනේ ඉතින්...
කලින් හදපු අධිවේගී මාර්ග වලින් ගහපු ගැහිලිවලින් මුලු රටේම පාරවල් හදන්ඩ තිබුනා.
විමලෙයි, ගම්මන් පිලයි වාෂ්ප වෙලාද? සද්ද නැත්තේ?
මේ වෙලාවේ ජනතාව මෙම රෝග උවදුරින් බේරගන්නවා මිසක් මොන අධිවේගෙද?
දැන් අපිට ඕනෑ පාරවල්... නියමයි ලොක්කා ඔහොම යමු.
ඉන්දියාවත් එකයි මෙහෙත් එකයි