(මනෝජ් හර්ෂික)
රිය අනතුරුවලින් මිය යන, හප්පා පලාගිය හෝ ආබාධිත වුවන් සඳහා ලබාදෙන වන්දි මුදල ඉදිරියේ දී වැඩි කිරීමට රජය තීරණය කර ඇත.
වාහන රක්ෂණ සමාගම් සිය තුන්වැනි පාර්ශවයේ රක්ෂණවලින් ලබන ආදායමෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව වෙත ප්‍රදානය කෙරෙන 1% ක් මේ වන විට 2% දක්වා වැඩිකර ඇති බැවින් රජය මෙම තීරණය ගෙන තිබේ.
මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඉදිරියේ දී කොමිසන් සභාවක් බවට පත්කිරීම ද පියවර ගෙන ඇති අතර බස්රථවලට අමතරව පාසල් සේවා, කාර්යාල සේවා මෙන්ම ත්‍රිවීල් නියාමනය කිරීමටත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරේ.
ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.
‘මහමඟ අනතුරු අවම දේශයක්’මැයෙන් අද (14) මහවැලි කේන්ද්‍රයේ දී පැවැති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, අතිවිශිෂ්ටයි...! මේ වන්දිවලට අවශ්‍ය මුදල්... මේ අනතුරු සිදුකළ අයගේ වත්කම් වලින් ලබාගත යුතුයි.. දියුණු රටවල්වල.. මාර්ගනීති කඩකරමින් සිදුවෙන අනතුරුවලදී.. වැරදිකරුවා විසින් ආබාධිතයින්ට ජීවිතාන්තය දක්වා.. විශ්‍රාම වැටුපක් ගෙවිය යුතුයි..
අප අදහස් කරනවා නීතියේ තිබෙන හිල් ගුල් වලින් රින්ගිමට නොහැකි ලෙස මෙවන් මගමරු රිදුරන්ට රියදුරු බලපත්‍ර තහනම් කිරීම, සිරගත කිරීම සඳහා අවශ්‍ය කටයුතු ඉක්මණින් කළයුතු බවය. වංක නිලධාරීන්ද එම තනතුරුවලින් හැකි ඉක්මණින් පන්නා දැමිය යුතුයි.
මගේ පියා මාර්ග අනතුරකින් මියගියා.. දැනට අවුරුදු 7 ක් නඩු කියනවා. දැනට අවුරුදු 2කට කලින් රියදුරු වැරදි 5 කින් 3 කට වරදකරු වුණා. මා ඇතුළු පවුලේ සියලුදෙනා පියා මියයනවිට රැකියාවක් කරගෙන ජීවත්වෙන මට්ටමට ඇවිත් සිටි නිසා හොඳයි. නැත්නම් අපිට වෙන්නේ හැමෝටම අතපාන්න. කෙනෙක් අනතුරකින් මිය ගියානම් ඒ වන්දිය දෙන්න මෙච්චර කල් ගන්නේ ඇයි? රජය කළ යුත්තේ සාධාරණය ඉෂ්ට කරන එක ඉක්මන් කරන එක.. එතකොට තමයි ඒ ලැබෙන වන්දි මුදලෙන් වින්දිතයන්ට යමක් සිද්ද වෙන්නේ...