
(ජයරත්න වික්‍රමාරච්චි සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ)
යාපනය ප්‍රදේශයේ සිට ගංජා ප්‍රවාහනය කළ බව කියන කැබ්රියකා හා නෙළුම්මල් කැඩීමට යමින් සිටි පිරිසක් රැගත් ලොරි රථයක් කරුවලගස්වැව එකොළහ කණුව ප්‍රදේශයේදී අද දින උදෑසන 6ට අනතුරක ලක්වීමෙන් තුවා ලැබූ රියැදුරන් දෙදෙනා පුත්තලම මූලික රෝහලට ඇතළත් කළ බව කරුවලගස්වැව පොලීසිය කියයි.
යාපනය ප්‍රදේශයේ සිට පුත්තලම දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් හා පුත්තලම දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වෙමින් තිබූ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති බවට පොලීසිය සැකකරයි.
මෙහිදී අනතුරට පත් කැබ් රථයේ තිබී කේරළ ගංජා කිලෝ තුනක් පමණ තිබී සොයා ගත් බවත් පොලීසිය පවසයි.
මෙම අනතුර සිදුවන අවස්ථාවේ කැබ් රථයේ පුද්ගලයන් දෙනකු හා ලොරි රථයෙ එක් පුදගලයකු ගමන්කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවත් එහිදී අනතුරින් තුවාල ලබා ඇත්තේ රියදුරන් දෙදෙනා බව එම විමර්ශන අනාවරණය කරන බවත් පොලීසිය කියයි.
කැබ් රථයේ සිටි බව කියන අනෙක් පුද්ගලයා අනතුරින් පසුව පළා යමින් සිටියදී අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
(ඡායාරූප: ජයරත්න වික්‍රමාරච්චි)







(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)








COMMENTS
ඉන්දියන් TATA සහ චීන JAC.... දෙකම එකම වර්ගයේ බාල තහඩු වලින් නිසා වන්දිය ජීවිතවලින්.