
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පල්ලම සේරුකැලේ ප්‍රදේශයේදී වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ගමන් කරමින් තිබූ ජීප් රථය අද (20) උදෑසන පෙරළී යාමෙන් ඇමතිවරයා ඇතුළු 04 දෙනෙකු සුළු තුවාල ලබා ඇතිබව පල්ලම පොලිසිය පවසයි.
රාජ්‍ය ඇමතිවරයා මෙසේ අනතුරට ලක්ව ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන පැවැත්වෙන කරුවලගස්වැව නෙළුම්ගම බලා ගමන් කරමින් සිටියදී බව පොලීසිය පවසයි.
රාජ්‍ය ඇමතිවරයා අද (20) උදෑසන මෙසේ අනතුරට ලක්වී ඇත්තේ ආණමඩුව හලාවත මාර්ගයේ සේරුකැලේ වංගුව ආසන්නයේදී බව කියයි.
අනතුරින් අමාත්‍යවරයා ගමන් ගත් වාහනය වංගුවේ දී මාර්ගයෙන් ඉවතට පෙරළී යාමෙන් පසු ජීප් රථයට බරපතල හානි සිදුව ඇති අතර ඇමතිවරයා ඇතුලු ඇමති ආරක්ෂක හා රියදුරුගේ ජීවිත බේරී ඇත.
අනතුරින් පසුව සුළු තුවාල ලබා සිටි රාජ්‍ය ඇමති වරයා වෙනත් වාහනයකින් ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසදරක් වැඩසටහනට ගොස් ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ සෙසු පිරිස හලාවත රෝහලට ඇතුළත් කර ඇති බවද වාර්තාවෙයි .
COMMENTS
කොරෝනා අස්සේ අලුතින් වාහනයක් ගන්නත් අපේ සල්ලිවලින් පරිපූරක ඇස්තමේන්තුවක් දායි හෙට අනිද්දා...
අර හොර ආණ්ඩුව පිහිටවපු කාලේ බයිබලය පොළොවේ ගැසුවේ කවුද දන්නේ නැහැ...
කෙනෙක්ගේ පිළිසඳරට අපේ සල්ලි විනාශ කරගෙන 500ක් යනවා. මේ රට කවදා මේ ජරා ක්‍රමයෙන් මිදෙයිද? අපේ සල්ලිවලින් දුන්නු වාහන විනාශ කළ එක ගැන පරීක්ෂණයක් කළ යුතුයි.
පැයට කිලෝ මීටර 10, ඒ වගේ වේගයෙන් ගිහින් මේ උන්දෑව වංගුවේදීම පෙරළුණේ කොහොමද? කව්රුහරි කඩාකප්පල්කාරයන් ටිකක් හෙමින්ම පාරේ යන නිසා මේ පතෝල මැස්ස අල්ලලා පෙරලන්න ඇති... පව්!!! අහිංසකයාගේ දුප්පත් වාහනේ.. මුන්දෑට අපි කියන්නේ අලුත් වාහනයක් ඕනේ කියලා අඬනවා එහෙම නොවේ හරිද? ඔය දැන් පෙරළුණු වාහනේ ගන්නත් අපිනේ... මේ හිඟන්නට සල්ලි දුන්නේ... පිනට ලැබුණු දේවත් වගකීමෙන් පාවිච්චි කරන්න බැරි හරක් ජාතියක්...
හෙට, අනිද්දා වෙනකොට අලුතින් වාහනයක් ගන්න බැරිවෙන එකක් නැහැ. දේශපාලකයින්ට අපිට වගේද, හතර මහා නිධානේ පහළ වෙනවා කියන්නේ නිකම්ද?
සොබාදහම රැකගන්න යන්න ඇත්තේ සොබාදහම ආශීර්වාද කරලා වගේ...
අපරාදේ වාහනේ...
සොබාදහම රැකගන්නනේ යන්න ඇත්තේ... සොබාදහම ආශීර්වාද කරලා.
සාමාන්‍යයෙන් පොඩි මිනිහෙක් අනතුරක් වුණා නම් වරද කෙසේවෙතත් රියදුරු කූඩුවට දාන නීතිය මෙයාගේ රියදුරුටත් එහෙමද කියලා කියන්න හොඳේ..
අපි තවත් එකක් අරන් දෙමු... පව්නේ..
දැන් ආයෙත් මහජන මුදලින් අලුත් වාහනයක් අරන් දෙන්න වෙනවා.
මෙයාලාට ජීප් රථ වෙනුවට හෙළිකොප්ටර් දුන්නානම් හරි හිතේ හැටියට ඉගිල්ලෙන්න. පාරේ යන මහජනතාවගේ ජීවිතවලටත් අවදානමක් නොකර...
ඡන්දෙ ඉල්ලන කාලේ හමුවෙන්න යන හැම පුද්ගලයෙකුටම මෙයා රුපියල් 2000 ගානේ දුන්නා. දැන් ඒවා වැල් පොලියත් එක්ක ගන්නවා කියලා මෝඩ මිනිස්සුන්ට තේරෙන්නේ නෑ.
පේනවානේ වේගය... වෙන වාහනයක් ආවා නම් ...!!!
99න් බේරුණා... මේවා හොඳ පාඩම්...!!!