(නවරත්න සමරතුංග සහ ගායාන් චින්තක)
ට‍්‍රැක්ටර් රථයක් සහ ත‍්‍රිරෝද රථයක් මුහුණට මුහුණලා ගැටීමෙන් අද (06) හිඟුරාන මුවන්ගල ප‍්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් ටැක්ටර් රථයේ ක‍්‍රියාකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසුව මියගොස් ඇති බව දමන පොලීසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ පෙරමුණ කංකානම්ගේ සුනිල් රත්නායක නැමති අයෙකු බව කියති.
උක් බීජ පටවාගත් ට‍්‍රැක්ටරයේ ඇක්සලයක් කැඞීයාමෙන් එය ත‍්‍රිරෝද රථයක ගැටී ඇති අතර ට‍්‍රැක්ටරය පැදවූ ක‍්‍රියාකරුට එය පාලනය කර ගැනීමට නොහැකිව පාරට ඇද වැටී ඇති බවත් එහිදී තාරගැට්ටේ හිස වැදී බරපතල තුවාල ලබා අම්පාර මහ රෝහලට ඇතුලත් කර ඇති බවත් කියති.
ශල්‍යාගාරයට ඇතුළත් කර තුවාල කරුට ප‍්‍රතිකාර ලබාදුන් නමුත් ඔහු මියගිය බව රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd