(චමිල් රූපසිංහ සහ මොහොමඩ් ආසික්)
අකුරණ මහ වංගුව අසලදී අද (04) උදෑසන සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් තුවාල ලැබූ තිදෙනෙකු ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.
හරබණ ප්‍රදේශයේ සිට මහනුවර බලා ධාවනය වූ සංචාරක කැබ් රථයක් මහ වංගුව අසල මහා මාර්ගය මැද පෙරලී පසුව එය භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට අයත් කැබ් රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇත.
අනතුර හේතුවෙන් කැබ් රථයේ සිටි විසි අට හැවිරිදි අවිවාහක තරුණයෙකු එම ස්ථානයේදී මරණයට පත්ව ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ හබරණ පදිංචි රුචිර ජයසංඛ නම් අයෙකි.
තුවාල ලැබූවන් අකුරණ ‘සියා අනුස්මරණ‘ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd