(ජේ.කේ.එල්. චාමින්ද)
දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව හා බද්දේගම අතර ප්‍රදේශයේදී අද(28) වෑන් රථයක් බස්රථයක ගැටීමෙන් 9දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇති බව අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස්මුරපොළ පවසයි.
තුවාල ලබා ඇත්තේ හම්බන්තොට ප්‍රදේශයේ පුහුණු වැඩමුළුවකට සහභාගීවීමට වෑන් රථයෙන් යමින් සිටි කෘෂිකර්ම දේපාර්තමේන්තුවට සම්බන්ධ පිරිසකි.
තුවාලකරුවෝ කරාපිටිය රෝහලේ 58 වාට්ටුවේ ප්‍රතිකාර ලබති.
වෑන්රථය අම්බලන්ගොඩ සිට ගාල්ල දෙසට ධාවනය වෙමින් තිබියදි 92.5සැතපුම් කණුව ආසන්නයේ දි කාර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අධිවේගී මාර්ගයේ වැටේ වැදීමෙන් අනතුරකට ලක්ව තිබුණි. එම ස්ථානයේ දි වෑන් රථයේ වේගය අඩුකිරීමත් සමග පිටුපසින් පැමිණි බස්රථය වෑන් රථයේ ගැටී ඇති බැව් පරීක්ෂණවලදි අනාවරණය වී ඇත.
අධිවේගී මාර්ගයේ පින්නදුව පොලිස් මුරපොළ මෙම අනතුර සම්බන්ධව පරීක්ෂණ පවත්වයි.



2025 දෙසැම්බර් මස 18
226
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අධිවේගී මාර්ගයේ අනතුරකින් 9ක් රෝහලේ
Rohana Sunday, 28 June 2020 09:49 AM
හදිසියකට නවත්වගන්න බැරිවේගයෙන් යන අසමජ්ජාති රියැදුරා කවුද?