(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කිලෝ මීටර් 31 දොඩංගොඩ අක්කර 20 ප්‍රදේශයේ පාගමනින් ගමන් ගත් නාදුනන පුද්ගලයකු අද (20) සුඛෝපභෝගී වෑන් රථයක ගැටීමෙන් මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී ගැලනිගම රථ වාහන පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් වෑන් රථ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මතුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වෑන් රථය ධාවනය කරමින් සිටියදී මෙම පුද්ගලයා එකවරම මාර්ගයට පැමිණිමත් සමඟ වෑන් රථයේ ඉදිරිපස වම්පස ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
මේක පුදුම රටක්...! අධිවේගී මාර්ගයේ වාහන පදවන විටත් පදිකයන් පනියි දැයි හිතන්න වෙලා. මේක ඉංග්‍රීසි පත්තරේට දාන්න හොඳ නෑ. සුද්දෙක් දැක්කොත් අවුල් වෙයි.
රියදුරා මොනවා කරන්නද? මෝඩයෙක් අධිවේගී මාර්ගයේ රිංග ගත්තාම... මේක ඕනෑ කෙනෙකුට වෙන්න පුළුවන්.
දැන් වැරදිකරු වෑන් රියදුරුද? පැහැදිලි කරගත යුතුයි.
තව විදියකින් කිව්වොත් ආරක්ෂක වැට හිඩැස් ඇතුව හදලා තියෙන්නේ. අධිවේගී මාර්ගවල පාගමනින් යාම සම්පූර්ණයෙන් තහනම් බව දන්වා දැන්වීම් පුවරු දෙපස සෑම තැනකම සවිකළානම් ලෙහෙසියි. රියදුරා කුමක් කරන්නද? තිරිංග තද කෙරුවත් වේගය අනුව කෙටිදුරක් ඉදිරියට යා හැකි ප්‍රවණතාව වැඩියි.
ඒ කියන්නේ ආරක්‍ෂිත වැට කැඩිලා හෝ කඩලා. සතුන්ටත් මාර්ගයට එන්න පුළුවන්...
මම හිතන විදියට රෝඩ් ඩිවෙලොප්මන්ට් අධිකාරියේ සබාපතිව අත්අඩංගුවට ගත යුතුයි. නිසිපරිදි වාහනවලට ආරක්ෂාව දීමට බැරිවීම සම්බන්ධයෙන්..
මේ පුද්ගලයා මන්ද බුද්ධික හෝ පිස්සෙක් නොවේ නම් අධිවේගී මාර්ගයට පනින්න ඇත්තේ සියදිවි නසාගන්න වෙන්න ඕනෑ.