
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදිප් කුමාර)
කතරගම සිට බණ්ඩාරගම දෙසට අධිවේගි මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අද අළුයම 1.30 ට පමණ කිලෝ මිටර් 18 .2 දෙකේදී ( මිල්ලනිය ) පෙරළී යාමෙන් පියකු සහ දියණියක මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ බණ්ඩාරගම , කොතලාවල , රේණුකාරාම පාරේ , පදිංචි එච්.එම්.සමන් කුමාර (38) සහ එච්.එම්.එස්.ඔනිත්මා නමැති සිව් හැවිරිදි දියණියක බව පොලිසිය කියයි
මව පියා දැරියන් දෙදෙනා සහ තවත් පුද්ගලයක අනතුර වන අවස්ථාවේ මෝටර් රථයේ සිට ඇතැයි පොලිසිය කියයි.
සිදුවූ අනතුරක් සමගම පියා සහ දියණිය එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි පොලීසිය සඳහන් කරයි අනතුරින් තුවාල ලද මව හා දියණිය කලුතර නාගොඩ රෝහල ටත් අනෙක් පුද්ගලයා හොරණ මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
දක්ෂිණ අධිවේගී ගැලනිගම රථවාහන පොලිසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අවුරුදු 45ක් පමණ පරණ වාහන වලින් අධිවේගී මාර්ගයේ වේගයෙන් යන එක ඉතා අනතුරුදායකයි.
ඔව් මේ වගේ පරණ "ලදරන් " වලින් 100ට විතර යන්නේ අමුම අමු මෝඩයින්.. මේවායේ තිරිංග පරණ කාලේ ඒවා. මේ වර්ගයේ වාහනවල ඉස්සරහ රෝද දෙකේවත් අඩුම තරමේ ඩිස්ක් බ්රේක් නැහැ.. ඉතින් කොහේද හදිසියකට නවත්ත ගන්නේ... අපරාදේ... අර දැරියගේ ජීවිතේ..!!!
මේ වගේ පරන ලදරන්... හයිවේ එකේ දාන්න දෙන්න හොඳ නෑ.