(ඩයනා උදයංගනී)
අධ්‍යාපනය සඳහාම වෙන් වූ විශේෂ ගුවන් විදුලි නාලිකාවක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ ආරම්භ කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.
ප්‍රාථමික, ද්විතීයික හා උසස් අධ්‍යාපන ක්‍ෂේත්‍රයන් ද මෙම නාලිකව ඔස්සේ ආවරණය කෙරෙන බව කී ඇමතිවරයා හැකි ඉක්මනින් එම නාලිකාව ආරම්භ කිරීමට පියවර ගන්නා බව සඳහන් කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශ වැය ශීර්ෂයෙන් ඊට අදාළ වියදම් ලබාගන්නා බව කී ඇමතිවරයා ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කළ ඒකාබද්ධ පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවූ බව ද කීවේය.
අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (3) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්කෝලේ පටන් ගන්න හදන කොටද මතක් වුනේ...? ආණ්ඩුවට මොලේ ඇති ඇමතිවරු ඇත්තේම නැතිද?
චැනල් එකක් සමබර විදියට පවත්වාගැනීම වඩාත් හොදයි .චැනල් වැඩි වුනාට එකම වෙලාවක අහන්න පුළුවන් එකක් නිසා
දැනටමත් නාලිකා තුනක් පමණ තිබෙනවා...