IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


අධික වැස්සෙන් පුත්තලමේ පවුල් 1437 ක් පීඩාවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හේතුවෙන් පවුල් 1437 ක පුද්ගලයින් 5018 දෙනෙකු පීඩාවන්ට පත්වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.

මෙයින් වැඩිම පිරිසක් පීඩාවන්ට පත්ව ඇත්තේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වන අතර එහි පවුල් 368 ක පුද්ගලයින් 1313 දෙනෙකු පීඩාවට පත්වී ඇත.

වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පුරාම ජලය බැස යාමට තිබූ ස්ථාන අවහිර කරමින් ඉදිකිරිම් සිදු කිරීමත් තාප්ප බැදිම නිසා ජලය ගලා නොයාමත් මෙම තත්වයට හේතු වී ඇති බව ඇති එම ඒකකය පවසයි.

එසේම මුන්දලම පවුල් 244 ක පුද්ගලයින් 907 ක්,නාත්තන්ඩිය පවුල් 249 ක පුද්ගලයින් 856 ක් ද , පුත්තලම පවුල් 210 ක පුද්ගලයින් 652 ක්  ,මහවැව පවුල් 149 ක පුද්ගලයින් 539 ක් ද , හලාවත පවුල් 105 ක 380 ක්ද ,මහකුඹුක්කඩවල පවුල් 63 ක පුද්ගලයින් 200 ක්ද , වනාතවිල්ලුව පවුල් 32ක පුද්ගලයින් 110 ක් ,ආරච්චිකට්ටුව පවුල් 6 ක පුද්ගලයින් 32 ක් ද , දංකොටුව පවුල් 9 ක පුද්ගලයින් 31 ක්ද , ආණමඩුව හා කරුවලගස්වැව එක් පවුලක සිව් දෙනෙකුද බැගින් 8 දෙනෙකු පීඩාවන්ට පත්වී තිබේ.

ගංවතුර හා සුළි සුළං හේතුවෙන් නිවාස 49 කට අර්ධ හානි සිදුව ඇති අතර තිදෙනෙකු  තුවාල ලබා ඇති බවද එම ඒකකය පවසයි.

මෙයට අමතරව ජල ගැලීම් හා වැසි ජලය බැස නොයාම නිසා පවුල් 42 ක පුද්ගලයින් 129 දෙනෙකු ආරක්ෂිත ස්ථාන වල රදවා ඇත.

පීඩාවන්ට පත් ජනතාව මුදවා ගැනීමට නාවික, යුද සහ ගුවන් හමුදා භට පිරිස් වල සහය ලබා ගැනීමට කටයුතු කරන බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඒ. එම්. ආර්. එන්.කේ. අලහකොන් මහතා පැවසීය.

 

 



අදහස් (1)

අධික වැස්සෙන් පුත්තලමේ පවුල් 1437 ක් පීඩාවට

SENAKA PRANAANDU MAHAWEWA. Tuesday, 22 October 2019 03:08 AM

මොනාවුනත්, බොරළු කපන්ඩ, පස් කපන්ඩ ,වැලිකපල අදින්ඩ බලපත්‍ර ඉක්මනින් ලබල දෙනවා. ඇයි , කුට්ටිය හොඳයි නේ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 433 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 455 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 412 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site