IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


අධික උණුසුමෙන් සෞඛ්‍ය ගැටලු රැසක්

(ඩයනා උදයංගනී)

දිවයිනේ ප‍්‍රදේශ ගණනාවක මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් විවිධ සෞඛ්‍ය ගැටලූ ඇතිවිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි.

කුඩා ළමුන්, වැඩිහිටියන්, දිගුකාලීනව හෘද රෝගවලින් පෙළෙන්නන්, නොයෙකුත් නිදන්ගත රෝගාබාධාවලින් පෙළෙන අය සහ එළිමහනේ රැකියාවල නියැලෙන අයට මෙවැනි ගැටලූ ඇතිවිය හැකි බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ (මාතෘ හා ළමා සෞඛ්‍ය) සහ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය පැවසුවාය.

හෘද රෝග සහ පෙනහළු රෝග වැනි නිදන්ගත රෝග උත්සන්නවීම, ආතතිය, මස් පිඩු පෙරලීම, සිහි මූර්ජාව ආදී තත්ත්වයන් ඇතිවිය හැකි බව ඇය සඳහන් කළාය.

සියලූ ක‍්‍රියාකාරකම්වලින් වැළකී ආවරණය සහිත සිසිල් ස්ථානයක විවේක ගැනීම, ප‍්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, සීනි අධික බීම වපානය කිරීමෙන් වැළකීම, එළිමහනේ යනවිට කුඩයක් භාවිතා කිරීම, දෛනිකව වැඩිම උෂ්ණත්වයක් පවතින උදෑසන 11.00ත් සවස 3.00 ත් අතර කාලයේදී හිස්වැසුමක් භාවිතා කිරීම, සැහැල්ලූ කපු ලා පැහැති ඇඳුම් පාවිච්චි කිරීම, අවදානමක සිටී නම් ප‍්‍රථමාධාර ලබා දීම සහ වෛද්‍ය ප‍්‍රතිකාර වෙත යොමු වීම ආදිය මගින් මෙම තත්ත්වයන්ගෙන් ආරක්‍ෂා විය හැකි බව ද ඇය කීවාය.

මෙවැනි කාලගුණික තත්ත්වයන් හමුවේ ලෝකයේ ඇතැම් රටවල මිනිසුන් මරණයට පවා පත්ව ඇති නිසා මෙම උවදුරෙන් මිදීම සඳහා දිගුකාලීන මෙන්ම කෙටිකාලීන පියවර අනුගමනය කළ යුතු බව ඇය සඳහන් කළාය.

මීට අමතරව රෝගී තත්ත්වයන් සහිත දරුවන් පාසල් යැවීමෙන් වැළකීම, පාසල්වල පන්ති කාමරයන්හි ජල බඳුන් තැබීම, විදුලි පංකා ඇත්නම් භාවිතය හා දොර ජනෙල් විවෘත කර හොඳින් වාතාශ‍්‍රය ලැබීමට සැලැස්වීම ආදී පියවරයන් ද අනුගමනය කළ හැකි බව වෛද්‍යවරිය කීවාය.

වෛද්‍ය චිත‍්‍රමාලි ද සිල්වා මහත්මිය මේ බව පැවසුවේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ප‍්‍රධාන ශ‍්‍රවණාගාරයේ දී අද (3) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.



අදහස් (1)

අධික උණුසුමෙන් සෞඛ්‍ය ගැටලු රැසක්

Asanga Tuesday, 03 March 2020 03:52 PM

වනාන්තර එළිකිරීමේ ප්‍රතිවිපාකය දැන්වත් තේරුණොත් හොඳයි ඔක්කොටෝම...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 57 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 721 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site