(ටී.කේ.ජී.කපිල)
අධිකරණ තහනම නොතකා ඩුබායි යාමට කටුනායක ගුවන්තොටුපොළට ආ ශ්‍රී ලංකාවට වාහන ආනයනය කරන ව්‍යාපාරිකයෙක් අද අලුයම ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ආපසු හරවා යවනු ලැබීය.
ශ්‍රී ලංකා රේගුවට බදු වංචා කරමින් වාහන 110 ක් පමණ ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කිරීම පිළිබඳව , මෙම ව්‍යාපාරිකයාට එරෙහිව කොළඹ අලුත්කඩේ අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින අතර , එම අධිකරණය මගින් මෙම ගුවන් ගමන් තහනමක් , මෙම ව්‍යාපාරිකයාට එරෙහිව පනවා තිබේ .
මෙම ව්‍යාපාරිකයා සංචාරක වීසා යටතේ ඩුබායි වෙත පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
COMMENTS
සාමාන්‍ය පුද්ගලයෙක් මේ වරද කළා නම් අද කූඩුවේ... කෝටිපති ව්‍යාපාරිකයා නිකන්ම හරවලා ගෙදර යවලා...