(නිමන්ති රණසිංහ)
කොරෝනා වයිරස් තත්වය පැතිරීම වැළැක්වීම හේතුවෙන් රජය පනවා ඇති සංචරණ සීමා නිසා අධිකරණවල පෙනී නොසිටින විත්තිකරුවන්ට හෝ සැකකරුවන්ට වරෙන්තු නිකුත් නොකර ලෙසට දැනුම් දෙමින් අධිකරණ සේවා කොමිසම දිවයිනේ සියලුම විනිසුරුවන්ට චක්‍රලේඛයක් නිකුත් කරමින් උපදෙස් ලබාදී තිබේ.
අත්‍යාවශ්‍ය නඩු කටයුතු පමණක් විවෘත අධිකරණයේ කැඳවීමට කටයුතු කරන ලෙසත් අලුතින් ගොනු කරන ලද පැමිණීලිවලට අදාළ සැකකරුවන් පමණක් අධිකරණය හමුවට කැඳවීමට පියවර ගන්නා ලෙසත් විභාගවන නඩුවල සැකකරුවන් සහ විත්තිකරුවන් අධිකරණය හමුවට කැදවීමේදී ඔවුන්ගේ නිතීඥ නියෝජය පමණක් ප්‍රමාණවත් වන බවත් එම චක්‍රලේඛයෙන් මහේස්ත්‍රාත්වරුන් දැනුවත් කර ඇත.
එමෙන්ම, මහාධිකරණය හමුවේ ගොනුකර ඇති ඇප ඇයැදුම්පත්වලට ප්‍රමුඛත්වය ලබාදී නිතීඥ නියෝජනයක් සහිතව පමණක් කැදවන ලෙසත් සෙසු නඩු කටයුතු කල්තැබීමට කටයුතු කරන ලෙසටත් එම චක්‍රලේඛය මගින් මහාධිකරණ විනිසුරුවරුන් වෙතද උපදෙස් ලබාදී තිබේ.
එසේම, අධිකරණ කාර්ය මණ්ඩලය සියයට විසිපහක් පමණක් කැදවන ලෙසට ද එම චක්‍රලේඛය මගින් දැනුම් දී ඇත.
පැතිර යන කොවිඩ් වයිරස තත්ත්වය හේතුවෙන් අධිකරණ තුළ තදබදයක් ඇති නොවන ආකාරයට සැමවිටම කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසින්ද අධිකරණ සේවා කොමිසම ඉකුත් 19 වැනිදා නිකුත් කළ එම චක්‍රලේඛයේ සදහන් වෙයි.
2025 දෙසැම්බර් මස 30
91
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අධිකරණවල පෙනී නොසිටින අයට සහනයක්
මංගල Monday, 23 August 2021 06:40 PM
කොවිඩ් නිසා හොරුන්ට හොද කලක් ලබලා. බොරු කිය කියා අධිකරණයත් නොමග යැවිය හැකියි.
lal Tuesday, 24 August 2021 05:20 AM
ඒකට කමක් නැහැ. මොකද කොව්ඩ් බෝකලොත් ඔක්කොම ඉවර වනනිසා.